සාමාන්‍ය වාග්විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය හා අර්ථය වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයන කුල පවතී. මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් ලෙස,
1. ශබ්ද ක්‍රම හා සාරාංශ ශබ්ද ඒකක අධ්‍යයනය කරන ශබ්ද විද්‍යාව
2. කථන ශබ්දයන්හි අඩංගු මූලික ලක්ෂණ
3. භාෂා නොවන ශබ්දයන් හා ඒවා ඒවා නිපැයෙන්නේ හා තේරුම් ගන්නේ කෙසේද යන්න කෙසේද යන්න පිළිබඳ ව අධ්‍යනය කරයි.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ "භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කෘතියෙහි මෙසේ දක්වා තිබේ.
"භාෂාව වාග්විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳ ව හෝ භාෂා කිහිපයක් පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයයි."
වාග්විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. සංස්කෘත පද සාධන නීති අනුව මෙහි වාච් යන්න වාක් වන අතර, ඝෝෂාදේෂ සන්ධියෙන් වාක් - වාග් බවට පත් වී ඇති බව විචාරක මතයයි. වචනය හෙවත් භාෂණය පිළිබඳ ව විද්‍යාව යනු එහි වාච්‍යාර්ථයයි.භාෂා යන්න බොහෝ දුරට වාච්/වාක් යන්නට සමානාර්ථවත් පදයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජනවහරෙහි මෙන් ම සේ වහරෙහි යෙදෙන අවස්ථා දක්නට ලැබේ.
භාෂා යන්නත් වාග් යන්නත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේ දී පළමු කොට ම එම අධ්‍යනයෙහිලා භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳ ව අර්ථ නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
භාෂා යන්න භෂ් ධාතුවෙන් උපන් කෘදන්ත නාමයකි.
වාග්විද්‍යාවේ නිතර යෙදෙන වාග්/වාක් වචන ආදී කෘදන්ත නාමයන්ට මුල් වූ වච් ධාතුව ද ව්‍යක්ත වචන අර්ථයෙහි යෙදෙන්නකි. වාක්/වාග් යන්න බොහෝ දුරට භාෂා යන්න සමාන සේ සලකන්නේ එහෙයිනි.
වාග්විද්‍යාවේ දී භාෂා යන්න ඉංග්‍රීසියෙන් language යන වචනය සමඟ ද, භාෂණ යන්න speech යන වචනය සමඟ ද බොහෝ දුරට සමාන බව සැලකෙයි.
අරුත් ලෙස මේ දෙකෙහි පවතින වෙනස්කම් වාග් විද්‍යාඥයන් විසින් වැදගත් කොට සලකන්නට පටන් ගත්තේ 18 -20 සියවස්වල විශේෂ අවධානයක් යොමු වූ ඓතිහාසික තුලනාත්මක වාග්විද්‍යා අවස්ථාව ඉක්මවා, භාෂා අධ්‍යයනය නූතන වාග්විද්‍යා අවස්ථාවට එළඹීමත් සමඟය.
20 වන සියවසේ පළමු දශකයේ දී ෆර්දිනන්ද් දී සොයුස්‍යෝ නම් වාග් විද්‍යාඥයා විසින් ජිනීවා විශ්වවිද්‍යාලයේ දී සාමාන්‍ය වාග්විද්‍යාව පිළිබඳ ව පාඨාවලීයක් නමින් ප්‍රංශ භාෂාවෙන් පාඨමාලාවක් පැවැත් වීය.
එහිදී භාෂාව හා සම්බන්ධ වූ සුවිශේෂී අවස්ථා තුනක් කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමු විය.
1. La language - භාෂාව
2. Le language - අරුත
3. La parole - භාෂණය
යන ප්‍රංශ භාෂා නම් වලිනි.
ඔහුගේ විවරණයට අනුව මින් පළමුවැන්න සමාජයට අයත් සමාජ සංසිද්ධියකි. දෙවැන්න පුද්ගලයාට අයත් වූ පෞද්ගලික කාර්‍යකි.
වාග්විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිර්වචන කිහිපයක් මෙසේ ය.
"ශාස්ත්‍රීය විෂයයන් අතරින් වාග්විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි." ( රස් රයිමර්)
19 වන සියවසේ අග භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. සිංහලයට වාග්විද්‍යාව හඳුන්වා දීමේ ගෞරවය මහාචාර්ය සුගතපාල සිල්වාට හිමිවේ. ඔහුට අනුව වාග්විද්‍යාව යනු, "භාෂාවේ පැවැත්ම පරීක්ෂා කරන විද්‍යාවයි."
No comments:
Post a Comment