Tuesday, April 27, 2021
Friday, April 23, 2021
මනාලියේ......
නුඹත් එක් මැදුරකට රජ කුමරි වෙන්න ඇති
දෙමව්පිය තුරුලෙහි නොමද සැප විදින්නැති
මලක් මෙන් රැකගෙන දුක සැප බලන්නැති
පැතූ පෙම දලු ලමින් දීගෙකට යන්න ඇති
තැලි පිලි පැළඳගෙන කුල ගෙයට වඩින්නැති
නුඹගෙ උරුමය එතන කුස්සියම වෙන්න ඇති
පුරා නෙක පිරුමන් සුභ නැකැත් බලන්නැති
පෝරු මස්ථක වෙමින් කුස්සියට වඩින්නැති
දස අතට ණය වෙමින් උත්සවත් ගන්න ඇති
නෙක නෙක සුවඳ පැන් නුඹ ව දෝවන්න ඇති
එතැන් සිට නුඹ නමින් ගැහැණියක් වෙන්න ඇති
ඉසූ නෙක සුවඳ පැන් දුම් සුවඳ දෙන්නැති
නුඹ මැවූ සිහසුනත් ගිනිවැදී දැවෙන්නැති
සිනිඳු අත් පා ඇගිලි කළු දුමින් වැසෙන්නැති
ලුණු ඇඹුල් පදමට රස මසවු පිසින්නැති
නුඹ මැවූ සිහින පොදි එකින් එක බිඳෙන්නැති
දිවිතුරා රකින්නට පෙරුම්දම් දෙන්න ඇති
එක්ව මඟ යන බවට දිව්රමින් කියන්නැති
අහස් මාළිගා මෙන් පැතුම් පොඳි බඳින්නැති
අවසානයේ ඔහුට කුස්සි දොර වැහෙන්නැති
Tuesday, April 20, 2021
නෑයන් වේයන් වූ වගයි
හතර වටින් පණ දීගෙන
දොඩමලු වී පිට මුහුණින්
ඇතුලු මුවින් පිච්චි පිච්චි
දෙස් තියනා නෑදෑයෝ..
පස්ස හැරෙන සැනින් නික්ම
තවකෙකුගේ කනට ළං ව
කේළම් ටික කොඳුර කොඳුර
දෙස් තියනා නෑදෑයෝ...
දැන් ඔය නුඹ ගතට ළං ව
කේළම් ටික දොඩපු උන් ම
දවසක නුඹ ගැනත් ඔහොම
කියවයි තව එකෙක් එක්ක..
කොහොම උනත් හිතට ගනින්
මෙලොවින් උබ ගිය දවසට
විඳවන්නට වෙන්නෙ නුඹට
දෙගුණ තෙගුණ වෙලයි කර්ම..
වෙස්සන්තර පියා
දියණියගෙ උපන් පුවත
කනට වැටුණු මොහොතේ සිට
නොවිඳි රිදුම් වින්දෙ නුඹයි
සිප් කිරි නොමද ව පොවන්න
කාසි සොයා දිවා රැයේ
සැනකින් එය ගෙවා දමන
වෙස්සන්තර පියා නුඹයි
මැණිකක් මෙන් රැක ගනිමින්
පසුපස හිඳ සනසවමින්
රහසින් විත් හිස සිඹිනා
වෙස්සන්තර පියා නුඹයි
දහදුක් විඳ ඇති දැඩි කළ
මැණිකක් මෙන් රක්ෂා කළ
දියණිය වැඩි වියට පැමිණ
යන්න ළඟයි දැන් දීගෙක
ලෝබකමක් නැතුවක් මෙන්
රහසින් කඳුලැලි උරමින්
පාවා දුන් සතුටු සිතින්
වෙස්සන්තර පියා නුඹයි
දියණියකට පියකු තරම්
ළංවන්නට නොමැත කෙනෙක්
අවසර දෙනවද පවසම්
දීග නොයා ඉන්න ළඟින්
ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...
-
වාග්විද්‍යාව යනු භාෂාව පිළිබඳ ව විද්‍යාත්මක අධ්‍යයනයක් යැයි සරල ව දැක්විය හැකිය. සාමාන්‍ය වාග්විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය හා අර්ථය වැනි උප ...
-
Ø ගීයට හිමි වටිනාකම පවතින්නේ එහි පද රචනය තුළ ය . ගී පද රචනය අසාර්ථක වුවහොත් සම්භාව්‍ය ගායකයකු, සංගීතඥයකු බිහි නොවේ . Ø කුමාරදාස සප...
-
එකෙකු අත රැදුණ ද තවකෙක් අතින් ගිලිහෙන දිවිතුරා රස හොයන මී වදයකි අකුරු... මී බින්දු වන් වදන් මී තුඩ වන් රිදුම් එක ම දෑතින් කෙටූ දෙපැති තල ආයු...










