Wednesday, July 21, 2021

_මායා යථාර්ථවාදී රීතිය_ "සියක් වසක හුදකලාව"

         මායා යථාර්ථවාදී රීතිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මුලින් ම හමුවන කෘතියක් ලෙස සියක් වසක හුදකලාව නම් කෘතිය හැඳින්විය හැකිය.1530 වර්ෂයෙන් පසු කාලීනව බිහි වූ ලතින් ඇමරිකානු සාහිත්‍ය තුළ ප්‍රධාන තැනක් හිමිවන රචකයෙකු වූ ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් මෙම කෘතියේ කර්තෘ ලෙස සැලකේ.ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් වන මොහු සියල්ලට ම වඩා
One Hundred Of Years of Solitude” එනම් සියක් වසක හුදකලාව නැමැති කෘතිය ලියා ලෝකය උඩු යටිකුරු කළ අයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වේ.

1982දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ අගනා කෘතියක් ලෙස සියක් වසක හුදෙකලාව කෘතිය සම්මානයෙන් පිදුම් ලැබී ය. ගාර්ෂියා මාර්කේස්ගේ සියලු කෘති අතුරින්  One Hundred Years of Solitude (සියක් වසක හුදකලාව) නවකතාව වඩාත් සිත්ගන්නා සුලු හා වඩාත් ම සංකීර්ණ ය. එය ඔහුගේ වාණිජමය වශයෙන් වඩාත් ම සාර්ථක නවකතාව බවට පත් විය. One Hundred Years of Solitude ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ විශිෂ්ටත ම කෘතිය වූ අතර එම නවකතාවට සඳහා පුලිට්සර් ත්‍යාගය පිරිනමන ලදී.

මෙම කෘතිය තුළින් මායා යථාර්ථවාදී රීතිය නොහොත් ඉන්ද්‍ර ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත විය.මාර්කේස්ගේමෙම කෘතිය තුළ සෑම පිටුවකින් ම magic realism  ශෛලිය නැතිනම් මායා යථාර්ථවාදය සඳහා උදාහරණ සොයා ගත හැකිය.

මායා යථාර්ථවාදය නැමැති සංකල්පය කරළියට ආවේ රෝමාන්තිකවාදයට එරෙහි ව නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ වුව ද මෙම මායා යථාර්ථවාදී ශෛලිය නිසා කිසිසේත් ම යථාර්ථවාදය ඛණ්ඩනය වූයේ නැත. පවතින සත්‍යය, යථාර්ථය වෙනත් සන්දර්භයක් යටතේ විශ්ලේෂණය කිරීම මායා යථාර්ථවාදයෙන් සිදු විය.

මේ ශෛලියට ලියැවුණු වෙනත් කෘති ලෙස මාර්කේස්ගේ කොලරා කාලේ ආලේ”, කෆ්කාගේ ඇමරිකා, නඩු විභාගය, බලකොටු මාලිගාව වැනි බොහෝ කෘතීන් මෙන් ම සිංහල කතා කලාවේ මොහාන් රාජ් මඩවලගේමාගම් සෝලිය, ලොවීනා හා සයිමන් නවගත්තේගමගේ සංසාරයේ දඩයක්කාරයා වැනි කෘති තුළ ද මෙම ශෛලිය ඉස්මතු වී පෙනෙයි.

සියක් වසක හුදෙකලාව කෘතිය තුළ මාර්කේස් ඇමරිකානු මහද්වීපයට ම ආවේණික ස්වභාවිකත්වය, ජන කතා, විහිලු, පුරාණෝක්ති යන සියල්ල එකට කැටි කරගත් දැවැන්ත රූපමය ගොඩනැංවීමක් සිදු කර තිබේ යැයි සිතමි. කෘතිය මදක් කියවාගෙන යාමේදී අප ජීවත්වන සැබෑ ලෝකයෙන් වෙනස් ස්වභාවයක් හැඟේ. මාර්කේස්ගේ මෙම වෙනසට හේතු වූ පසුබිම ඔහු මෙසේ ඉදිරිපත් කොට ඇත.

මගෙ ජීවිතේ පැහැදිලි බෙදුමක් තිබුනා…එකක් තමයි මගේ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය…ඒකෙ තිබුනේ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසය…ඊළඟට මගේ ආච්චිගෙ ලෝකේ….ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුන ෆැන්ටසිමය ලෝකයක්….” -ගාර්ෂියාමාර්කේස් ( NRP Radio interview )-

  කෘතිය තුළ පිළිබිඹු වන්නේ පරම්පරා හතක කතාවෙකි. මේ පරම්පරා 7 දක්වා ම බුඑන්ඩියා සහ උර්සුලා ජීවත් වේ. මේ තුළින් පැහැදිලිව ම කෘතිය තුළ මායා යථාර්ථවාදය දැඩි සේ ගැබ්ව ඇති බව පෙනෙයි. සාමාන්‍ය මිනිසෙකුට පරම්පරා හතක් ජීවත්වීමට ජීවත් වීමට කිසිසේත්මනොහැකි ය. නමුත් කෘතියෙ බුඑන්ඩියා හා උර්සුලා පරම්පරා හතක් ම ජීවත් වේ. අවසානයේ බුඑන්ඩියා උමතු වුවද ඔහුගේ ජවසම්පන්න සොබාව තවමත් එලෙසම පවතින හෙයින් එළිමහනේ ගසක බැඳ තබන්නට සිදු වන බව කෘතියේ දක්වා ඇත.

මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් ලෙස පුද්ගලයෙකු සර්පයකු වූ පුවතක් සඳහන් වේ.ඒ ඔහුගේ වරදක් හේතුවෙනි. නමුත් පුද්ගලයෙකු කොතරම් වරදක් සිදු කළ ද ශරීර අංග ලක්ෂණ වෙනස් වන පුවතක් සැබෑලෝකයෙන් දුරස් ය. බුදු දහමට අනුව මෙලොවින් තුරන් වී යළි උපදින ආත්මභාවයක එකී විපාක පලදුන්අවසථා අසා තිබුණද සාමාන්‍ය ලෝකයේ එවැනි ශරීර අංග ලක්ෂණ වෙනස් වීම කිසිසේත් ම විය නොහැකි සිද්ධියකි.

"පබළු වලින් ගෙල බරවූ ඉතාම ළාබාල අහිකුන්ඨක ගැහැණු ළමයෙකි. ඇය සිටියේ තම මව්පියන්ට අකීකරු වීම නිසා සර්පයකු බවට පත් වූ මිනිසාගේ දුක්මුසු දර්ශනය නරඹමින් සිටි සෙනඟ අතරේ ය."

මායා යථාර්ථවාදයේ ස්වභාවය වන්නේ මෙයයි.

තවත් අවස්ථාවක සඳහන් වන්නේ උඩින් පියාසර කිරීමේ පුවතකි. සාමාන්‍ය ලෝකයේ පියාසර කළ හැක්කේ පක්ෂීන්ට පමණි. රහතන් වහන්සේලා වැනි සෘද්ධි ලැබූවන් පියාසර කරන කතා පුවත් අසා තිබුණද සාමාන්‍ය මිනිසෙකු පියාසර කරන අවස්ථා කිසිසේත් ම සැබෑ ලෝකයේ දක්නට නොලැබේ.

"පරිස්සමට සඟවා තබාගත් අන්තිම රන්කාසි ඩැහැගත් මිනිස්සු ගමේ ගෙවල්වලට උඩින් වේගයෙන් පියාසර කිරීමේ වරම ලබා ගැනීමට උත්සුක වූහ"

සියක් වසක හුදෙකලාව නැමැති මෙම කෘතියේ විචාරකයන් පෙන්වා දෙනු ලැබූ මායා යථාර්ථවාදී රීතිය වන්නේ මෙයයි. සැබෑ ලෝකයෙන් ව්‍යුක්ත සුරංගනා කතාවල පවතින මේ ආකාරයේ සිද්ධි යොදා ගනිමින් වෙනස් ම ආකාරයේ සන්දර්භයක් ඉදිරිපත් කිරීම කතුවරයාගේ අපේක්ෂාව වී ඇත. නමුත් ඔහුගේ කෘතිය දෙස මතුපිටින් බලන අයෙකුට ඒවා කිසිසේත් ම හැබැහින් දැක ගැනීමට නොහැකි සිදුවීම් ය.

 මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් මෙසේ දැක්විය හැකි ය.

"එම කාලයේදී විනෝද විනෝදකාමී අසභ්‍ය වචන කියන හැඟීම් පොළඹවන සුලු ගැහැනියක් ගෙදරදොර කටයුතුවලට උදව් වීමට එම ගෙදරට ආවාය. ඇය කඩදාසි කුට්ටමේ කොළවලින් අනාගතය කියන සැටි දැන සිටියාය. උර්සුලා තම පුත්‍රයා ගැන ඇයට කීවාය. ඔහුගේ ඔහුගේ ලිඟුවේ අසාමාන්‍ය විශාලත්වය ඇයගේ ඥාති සොහොයුරාගේ වලිගය වැනි වූ අස්වාභාවික දෙයක් යැයි ඇය සිතුවා ය "

මෙම නිදසුන මඟින් ද පැහැදිලි කරනුයේ මායා යථාර්ථවාදී රීතියේ ස්වභාවයයි. සාමාන්‍ය ස්ත්‍රියකට කාඩ් පතක් බැලීමෙන් අනාගතයේ පැවසීම සිදු කළ හැකිද යන්න ගැටලුවකි. කෘතියේ මායා යථාර්ථවාදය ඉස්මතු වෙන විශේෂ අවස්ථාවක් ලෙස පුත්‍රයාගේ ලිංගුවේ ඌරු වලිගයක ස්වභාවය පැවතීම දැක්විය හැකිය.සාමාන්‍ය මනුෂ්‍යයකුට ඌරු වලිගයක් පිහිටීම කිසිසේත් ම සිදුවිය නොහැකි දෙයකි .

ගාර්ෂියා මාර්කේස්ගේ සෑම නවකතාවක් ම විසිවන සියවස ආරම්භයේ සිට ලතින් ඇමරිකාවේ ඇති ගැටුම් ඉස්මතු කරයි. ඔහුගේ බොහෝ නවකතාවල ආදරය, බලය සහ මිනිසුන්ට තමාව ම පරිවර්තනය කර ගැනීමේ හැකියාව ගැන පවසයි.ඔහුගේ නවකතා ආශ්චර්යමත් හා විස්මිත සිදුවීම් සහ චරිත වලින් පිරී තිබුණු අතර සැබෑ ජීවිතයේ සැබෑ තත්වයන් තුළ අභිරහස සහ මනංකල්පිත අංග ඇතුළත් කලේය. සියවස් ගණනාවක යටත් විජිතවාදය, සිවිල් යුද්ධය සහ දේශපාලන ව්‍යාකූලත්වය ඔහුගේ කෘති වලට අමුද්‍රව්‍ය විය. තවමත් නොවිසඳී ඇති මහාද්වීපයේ අතිශය ඛේදනීය අස්ථාවරත්වය සහ අමානුෂිකත්වය ඔහු හෙළි කරයි.

      මාර්කේස්ගේ අභාවයෙන් පසු, කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් ඔහු හැඳින්වූයේ “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම කොලොම්බියානු ජාතිකයා‘ ලෙසය.

         මාර්කේස් ලොව පුරා ලේඛකයින් විශාල පිරිසකට ඉමහත් බලපෑමක් ඇති කළේය. ගාර්ෂියා මාර්කේස් තමන්ට ආඛ්‍යාන නිදහසට මග පෙන්වූ බව ප්‍රංශ ලේඛක එරික් ඔර්සෙනා පවසයි. ඉන්දියානු ලේඛක සල්මාන් රුෂ්ඩි, මාර්කේස්ගේ ලේඛන ශෛලියෙන් ආභාෂය ලැබූ අතර එය ඔහුගේ නවකතා බොහොමයක භාවිතා කර ඇත. 2012 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් චීන ලේඛක මෝ යාන් ගේ නවකතා වලට ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම නිරීක්ෂණය කර තිබේ. ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම ඉරාන දේශපාලනය කෙරෙහි පවා සලකුණු තබා තිබේ. මේ අනුව ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට වඩා බොහෝ දුරට විහිදෙන උරුමයක් ලබාගත්තේය.

No comments:

Post a Comment

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...