Sunday, August 8, 2021

_විරාගය නවකතාව හා සිනමා පටය ගලා යන ආකාරය_

     

1987 ඔක්තොබර් 02 වන දින තිරගත වීම ආරම්භ කරන ලද විරාගය චිත්‍රපටය සම්භාව්‍ය චිත්‍රපටයකි. එය මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ විරාගය කෘතිය අළලා නිර්මාණය වූවකි. මෙය තිස්ස අබේසේකරයන්ගේ තිර රචනය හා අධ්‍යක්ෂණය ඔස්සේ නිර්මාණය විය. විරාගය නවකතාවේ  එන චරිතවලට සජීවී බවක් ලබා දුන් චරිත ලෙස,

   අරවින්ද - සනත් ගුණතිලක

   සරෝජිනී - ශ්‍රියානී අමරසේන

    බතී - සබීතා පෙරේරා

    සිරිදාස - ඩග්ලස් රණසිංහ

    ජයසේන වෙද මහත්තයා - ජෝ අබේවික්‍රම

     වෙද හාමිනේ - සෝමලතා සුබසිංහ

     මේනකා - සුනේත්‍රා සරත්චන්ද්‍ර   

                             යනාදී නළු නිළියන් මෙම අග්‍රගණ්‍ය නිර්මාණය සඳහා සහය දක්වන ලදී.

       තිස්ස අබේසේකර අද්විතීය ලෙස තිර නාටකය සකසා කාව්‍යයක් මෙන් නිර්මාණය කිරීම හා කෘතියෙන් ලැබෙන තෘප්තිය ම සිනමා පටයෙනුත් ලබා දී ඇත. එයට කැමරා අධ්‍යක්ෂණය, සංගීතය හා වේෂ නිරූපණය විශිෂ්ට මෙහෙවරක් කර තිබුණි.


ගලා යන ආකාරය අනුව විරාගය නවකතාව හා සිනමා පටය අතර ඇති වෙනස්කම්


Ø විරාගය සිනමාපටය ආරම්භ වනුයේ සැමීගේ හා වජිරාගේ දුරකථන සංවාදයෙනි. වජිරා යනු සරෝජිනිගේ දියණිය වේ. චිත්‍රපටයේ වජිරා පිළිබඳ දැක්වෙනුයේ එක් අවස්ථාවක් පමණි.

සිරිදාසත් ඔහුගේ බිරිඳත් දැන් ජීවතුන් අතර නැත. ඔවුන්ගේ එකම දුව වූ වජිරා සිංගප්පූරුවේ ධනවත් සිංහල වෙළෙන්දෙකුගේ පුතෙකු හා විවාහ වී එහි ගොස් පදිංචි වූවා ය.

 

Ø බිමල් යන චරිතය කෘතියේ දක්නට නොලැබේ.

සිනමා පටයේ වජිරා හා බිමල්, සැමී මුණ ගැසි කෘතිය පිළිබඳ විමසීමකට ලක් කරයි. එහි දී සැමී පවසනුයේ අරවින්ද ලියූ අත්පිටපත ඔහුට ලැබුණේ වජිරා මාර්ගයෙන් බවත් එය සංස්කරණය කර පළ කළේ වජිරා හා සරෝජිනී විදේශ ගත වී ටික කලකට පසු ව බවත් ය.

නමුත් විරාගය කෘතියේ අන්දමට මෙම අත්පිටපත සැමීට ලැබෙනුයේ සිරිදාසගේ නිවසේ දී ය.

විරාගය සිනමාපටයේ මෙම කතාව පවසන්නේ වජිරාට සහ බිමල්ට ය. ඔවුන් සතු ව සංස්කරණය සහිත මුද්‍රණය කළ විරාගය කෘතිය ද ඇත. එය කෘතියේ ඇති මෙම පාඨයෙන් ඉදිරියට ගලා යයි.       

මා සමඟ එක පන්තියේ ඉගෙන ගනිමින් එකට කෙළි සෙල්ලම් කළ විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ද මා ඇසුරු කළ සිරිදාස ජයසේන දැකීමට......" ( කෘතියේ 1 පරිච්ඡේදයේ ආරම්භය)


Ø කෘතියේ පරිදි ම චිත්‍රපටයේ ද සැමී, සිරිදාස  හා සරෝජිනී, සැමීගේ ආ ගිය තොරතුරු විමසීමක් සිදු කරයි. සිනමාපටයේ සරෝජිනීගේ දියණියගේ දර්ශන පෙන්වන අතර කෘතීයේ එවැනි දෙයක් සඳහන් නොවේ. මොවුන් කතා බස් කරනුයේ සැමීගේ ඉන්දියානු ගමන හා ගුප්ත විද්‍යාව පිළිබඳ වේ. මේ අවස්ථාවේ සිනමා පටයේ එන දෙබස් කෘතියේ ද එලෙසින් ම පවති.

 මම ඉන්දියාවේ ගොස් අවුරුද්දකට වැඩි කාලයක් එහි ගත කළා.

එහෙනම් ඔක්කොම සිද්ධස්ථාන වඳින්න ඇති

ඒකට අවුරුද්දක් උවමනාය?

 

Ø කෘතියේ සිරිදාස යන්ත්‍ර මන්ත්‍ර හා ගුප්ත විද්‍යාව පිලිබඳ දැඩි විශ්වාසයක් ඇති බව කියා සිටිය ද සිනමාවේ දී ඒ  බවක් ගම්‍ය නොකෙරෙයි. සැමී හා සිරිදාස අරවින්දගේ ජීවිත කතාව ලියූ කෘතිය සොයන අවස්ථාවේ සැමී අරවින්දගේ කෘතී පෙරළා බලන ආකාරය කෘතියේ දක්වනුයේ මෙලෙසිනි.

  ඒ කුණු ගොඩ ඇවිස්සීමට මා තුළ හට ගත්තේ මැණික් ගරන්නෙකුගේ කුහුලත් ආසාවටත් වැඩි කුහුල් ආසාවකි. (6 පිටුව)

මෙම සැමීගේ සිතේ පැවති ආශාව රංගනයේ දී වඩාත් වීෂද වන ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වී ඇත.

  අරවින්දට ප්‍රේම කළ සරෝජිනී, අරවින්දගේ ජීවිත කතාව ලියු කෘතිය දැකීමට හා කියවීමට ආස කළේය. කෘතිය තුළ සරෝජිනි එම කෘතිය පිළිබඳ එන හැඟීම පාඨකයාට විෂද නොවූ ව ද සිනමාවේ දී සරෝජිනී එම අත්පිටපත ආදරයෙන් පරිමදින ආකාරය දකින විට ප්‍රේක්ෂකයාට ඇයගේ හැඟීම් විෂද වේ.


Ø කෘතිය හා සිනමාව ගත් කළ කෘතියේ ඇති දෑ  බැහැර කළ අවශ්‍ය දෑ පමණක් සිනමාවට නගා ඇති බවක් පෙනේ.

සැමී අරවින්දගේ අත් පිටපත කියවා අවසන් කිරීමට දරන උත්සාහය කෘතියේ ගම්‍ය වන       අතර සිනමාවේ නැත.


Ø හොඳ වෙදෙකු ලෙස ගැමියන්ගේ ගරු බුහුමන් හා තෑගි බෝග ද ලැබු මගේ පියා ඇතැම්  විට ගෙයින් පිට දී ගොළුවෙකි යි සිතන තරම් අඩු කතා ඇත්තෙකි.මෙම පාඨය කෘතිය තුළ ද අන්තර්ගතවන අතර සිනමාවේ දී අරවින්දගේ පියා පිළිබඳ සංක්ෂිප්ත ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලැබේ.

 

Ø කෘතියේ තැන් දෙකක ඇති සිද්ධි එකට ගළපා එක් සිද්ධියක් ලෙස සිනමාවේ දක්වා ඇත.

1. "අරවින්ද දොස්තර විභාගේ සඳහා ඉගෙන ගන්න ඕනෑ" (31)

"ගෙම්බන් කපන්නටත් මළ කඳන් කපන්නටත් බැරිය" (16)

"කසාද බැදලා ගෑනුත් බදාගෙන ඉඹින්න හොඳයි මළකඳන් අතගාන්න තමයි  බැරි"(16)

 

2. "දොස්තර විභාගේ ගන්න ගියේ සිනීයර් පාස් කරලා තවත් අවුරුදු  6ක් ඉගෙන ගන්න      ඕනෑ" (31)

 "එහෙනම් ඒකත් ලේසි වැඩක් නෙමෙයි" (31)

"වියදම් කරනෙක මගේ වැඩක්" (31)

ඉහත අවස්ථා දෙකෙහි ම කතා කරනුයේ අරවින්දගේ දොස්තර විභාගය ගැන කියවේ. එම නිසා සිනමාවේ, එම අවස්ථා 02න් ගත් පාඨ එකතු කර එක සිද්ධියක් ගොඩ නගා ඇත.

  

Ø සිනමාවේ සිද්ධි පෙළගස්වා ඇත්තේ කෘතියේ පිළිවෙළට නො ව එය යම් යම් වෙනස්වීම්වලට ලක් කර ඇත.

සැමී, අරවින්දගේ මරණය පිළිබඳ කෘතියේ අසනුයේ අරවින්දගේ අත් පිටපත හමුවීමටත් ප්‍රථම ය. නමුත් සිනමාවේ දී එය අසනුයේ සැමී, අරවින්ද පිළිබඳ කතා කරන අවස්ථාවේ දී ය.

 

Ø කෑම මේසයේ අරවින්ද පිළිබඳ සරෝජිනී, සිරිදාස හා බතී කතා බස් කරන විට සරෝජීනිට අතීත සිදුවීම් සිහිවන අවස්ථාවක් ලෙස කැරෝල් පෙරහැර දා රාත්‍රියහි සිදුවන සිදුවීම් කිහිපයක් සිහියට නැගෙයි. ඒ අවස්ථාවේ සිනමාපටයේ වෙසක් පහනක් ගිනිගෙන දැවෙන අවස්ථාවක් දර්ශනය වුව ද, කෘතියේ එවැනි අවස්ථාවක් නැත.

 

Ø විරාගය චිත්‍රපටයේ අරවින්දගේ පියා අසනීප වූ මොහොතේ ඔරලෝසුවේ කටුව ඉක්මනින් කැරකෙන ශබ්දය පසුබිමින් ප්‍රේක්ෂකයාට ඇසීමට සලස්වයි. එම අවස්ථාව කෘතියේ දක්වනුයේ මෙලෙසිනි.

බිත්ති මුල්ලෙහි කුඩා මේසය උඩ වු ඔරලෝසුව ටීක් ටීක් හඬ නගයි."


Ø අරවින්ද බලාපොරොත්තු ව සිටි පියාගේ මරණය සිනමාවට ගෙන ඒමේ දී එය ප්‍රේක්ෂකයාට වඩාත් දැනෙන පරිදි ගෙන ඒමට සිනමාකරු සමත් වී ඇත. මවගේ හා මේනකාගේ ලතෝනිය සමඟ ඇහැරෙන අරවින්ද සිදු කරනුයේ චිමිනි ලාම්පුවේ දැල්ල නිවා දැමීමයි. එය කෘතියේ දක්නට නොලැබෙන ප්‍රබල සංකේතයකි.

මේනකාගේ සහ මවගේ විරසකය ආරම්භය පිළිබඳ කෘතියේ දැක්වෙනුයේ පියාගේ මරණයෙන් පසු ව වේ. නමුත් සිනමාවේ එම අවස්ථාව දක්වනුයේ තැපැල් මහත්තයා සමඟ අරවින්ද සංවාදයේ යෙදී සිටින විට තැපැල් මහතා මව ගැන විමසූ අවස්ථාවේ දී ය.


Ø සරෝජිනීට යැවූ පිළිතුරු ලියුමෙන් පසු ව සරෝජිනී හා සිරිදාස විවාහ විය. කෘතියේ ලෙසට සිරිදාස මේනකාට කියා සිටිනුයේ කාටවත් ආදරය කරන්නටවත් ඊරිසියා කරන්නටවත් අරවින්දට පුළුවන් කමක් නැහැ ලෙසිනි. ඉන්පසු මේනකා පැවසුයේ "ඊරිසියා කරන්න බැරි මිනිහෙක් ආලය කරන්නේ කොහොමද?" යනුවෙනි. මෙම පාඨය කෘතියේ පැවතිය ද සිනමාවට නැගිමේ දී එම දෙබස නොමැති වීම හිස් බවක් සේ දැනෙයි.


Ø අරවින්දගේ කුඩා විද්‍යාගාරය පිපිරීමෙන් පසු ඔහුගේ ඇඟිල්ලට තුවාල සිදු විය. එහි දී සිනමාපටයේ "මාමාගේ අත තුවාල වෙලා නේද?" සිරිදාස ඇසුව ද, කෘතියේ එවැන්නක් සඳහන් නොවේ. ඉන් සිනමා පටය තුළ, අරවින්දගේ හා සිරිදාසගේ බැඳීම මනා ව විදහා පෙනෙයි.


Ø අරවින්දගේ විද්‍යාගාරය පිපිරීමෙන් පසු ව ඔහුට නව නිවසකට යාමට සිදු වේ. එම නිවසේ ආහාර අනුභව කරමින් බතීගේ නම, වයස ආදිය ප්‍රශ්න කරයි. එම කොටස කෘතියේ ඇතුළත් නොවේ.

 

Ø සිනමා පටයේ බතීගේ වයස අවුරුදු 10ක් ලෙස පැවසුවත් කෘතියේ බතීගේ වයස දැක්වෙන්නේ අවුරුදු 08ක් ලෙස ය.

"අට හැවිරිදි දුවක ඇති මැදි වියෙහි වූ ගුණවතී මගේ ගෙදර වැඩ පල කරයි."(118)


Ø කෘතියේ "කුලසූරිය කුහකයෙක් නෙවි නම් ඒ මිනිහා කාලකණ්ණියෙක්. කුලසූරිය වගේ දැන් උඹටත් අදින්න ඕනෑ නෑ. ඒ මිනිහා හොඳට කනවා. උඹට කන්න ඕනත් නෑ. නුඹ වැඩකාර ගෑනිගේ දුව හොඳට අන්දලා..."(133) වැනි දෙබස් මෙන් ම අරවින්ද ඊට දක්වන ප්‍රතිචාරය ඇතුළත් දෙබස් සිනමාවේ මඟ හැරී තිබේ.

 

Ø බතී කවියක් ලියා අරවින්දට අසුවීමට තබන අවස්ථාවේ ඒ කවියෙහි පද පේළි සිනමා පටයේ ගායනා කොට පෙන්වූව ද කෘතියේ ඒ පද පේළි සඳහන් නොවේ.

 

Ø "බතී කවි හදන්නට ඉගෙන ගත්තේ කොහොමද?"යි මම ප්‍රශ්න කළෙමි. යනුවෙන් කෘතියේ සඳහන් වුව ද, සිනමා පටයේ එම දෙබස ඉතා කෝපයෙන් ඇසූවක් ලෙස දක්වා ඇත.

මේනකා, බතී පුරුෂයෙකුට ලියූ ලිපියක් අරවින්දට ගෙනවිත් දෙයි. ඒ පිළිබඳ ව අරවින්ද බතීගෙන් විමසූ විට දී, අරවින්ද බතීට කෝටුවකින් පහර දෙන බව කෘතියේ දක්වා තිබුණ ද, සිනමා පටයේ එය දක්වා ඇත්තේ කම්මුලට අතින් පහර දෙන ආකාරයකි.

 

Ø සරෝජිනි එවූ ලියුම් අරවින්ද නියවන අවස්ථාවෙහි, එහි තිබූ දේ පිළිබඳ ව කෘතියේ සඳහන් නොවූව ද, සිනමා පටයේ එය මනා ව දක්වා තිබේ.

 

Ø අරවින්ද, බතීගේ විවාහ මංගල්‍යයට මේනකාට ආරාධනා කළ අවස්ථාවෙහි ඇය අරවින්දටත්, බතීටත් පරුෂ වචනයෙන් බැන වදින ආකාරය සිනමා පටයේ සඳහන් වේ. කෘතියේ එතරම් රළු වදන් දක්වා නැත. කෘතියේ,

"මට කච්චේරියට එන්න බැහැ අරවින්ද" කියමින් අක්කා යළිත් මා පුටුවෙහි වාඩි කරවීමට වෑයම් කළාය. ඉඳපං බත් කාලා යන්න. ධර්මදාස නැතු ව මම විතරක් බතී එක්ක කච්චේරියට යන්නේ කොහොමද?..."

 

Ø  සිනමා පටයේ බතීගේ විවාහයෙන් පසු ව අරවින්ද අසනීප වී සිටින බව පෙන්නුවත්, කෘතියේ එය සඳහන් වන්නේ පසුව ය.

 

Ø බතී අරවින්දට උපස්ථාන කරන විට, අරවින්දගේ සිතෙහි හැඟීම් කෘතියේ දීර්ඝ ව දැක්වූවත්, සිනමාවේ එය ඉතා කෙටියෙන් දක්වා තිබේ.

 

Ø සිනමා පටය අවසන් වන්නේ සරෝජිනී හා සැමීගේ සංවාදයෙනි. ඒ අරවින්දගේ මරණය පිළිබඳ ව ය. නමුත් කෘතිය අවසන් වන්නේ අරවින්දගේ හැඟීම් තුළිනි.   

 

Saturday, August 7, 2021

_සිත් ගත් සේයා රූ_


 

 


රස නැතිය මේ බත් 
මට වැඩිය මේ කොටස
බැරිය මට කන්නට
විසි කරයි නැත ලෝබ
තව තැනක ඒ අතරෙ 
අයදිමින් බත් කටක්   
සිටී දරුවන් ලොවේ 
සාගින්න උහුලමින්.. 


_නූතන අධ්‍යාපනය_


 ගෙදර නැත කන්නට 

එක හාල් ඇටයක්

පුතුට පමණක් පිසේ

එකම එක බත් කටක්

වහලේ ටකරං සිදුරු අතරින්

වැටෙයි මහ වැහි බිංදු

තුන් මසක පඩිය එක්කොට

ඉල්ලා තව මසක් ණයට 

ගෙනත් දුනි ලොකු ටෙලිෆෝනයක්

පුතුට අකුරු කරවන්නට


_තේ දළු නෙලන්නෝ_


මොර සූරන වැස්සට ද

ගිනි ගහන අවුවට ද

පෙඟී දැවී  යන මිනිසුනේ

ඇඟිලි තුඩු පිපිරුව ද

ලේ පෙරී වැගිරුණ ද

සොච්චමක් ගුලි කරන්

සිනාසෙන මිනිසුනේ

නුබේ දහඩිය කඳුලු

සතයකට අලෙවි වන 

අතරමැදි වෙළඳුන්ට 

සැප මාළිඟා දෙන


_තාත්තා_


අහිමි වන   බව දැනත්

දිවා රෑ   වෙහෙසෙමින්

එකම පැතුමක්   දරන්

රැක බලන්  දෑස මෙන්

දන් දෙන්න දියණියක්

වෙන්නට මතු බුදුන්

විවරණ දුන් පියා

රහසේම පිස දමයි 

 වැටෙන උණු කඳූළු බිඳු

මතක් වන වාරයම


Friday, August 6, 2021

_වියෝ වූ සුරතලා_

මිතුරාය ඔබ මගේ

මේ පොළෝ තලය මත

අහම්බෙන් මුණ ගැසුණු

මිනිස් ගුණ ඉක්මවා

සැබෑ ආදරය දුන්

වචන කළ නොහැකි වූ

සෙනෙහසක් හිතට දී

මේ තරම් ඉක්මනින් 

හැර ගියේ කෙලෙසින් ද


_රෑ අහස_


ස‍ඳ කුමරු වට කරන්

පුංචි රන් තාරකා

සිනාසෙන අපූරුව

බබළමින් අහස් කුස

නිල් වර්ණ පොරවගෙන

වළාකුළු සඟවමින් 

රෑ අහස් තලය දෙස

බලා හිඳින අපූරුව


_මිහිඳු හිමි ලක්දිවට ගෙනා දයාද_ My 📷


_පිනි පොදි බර වැඩිද කියාපන්_ 📷


 

_විශ්වාසයයි රැකවරණය තියෙනවා ඔබ ලඟ_


 

Tuesday, August 3, 2021

_කවියේ ප්‍රභවය_

 කවියේ ප්‍රභවය හෙවත් උපත පිළිබඳ ව   නිශ්චිත මතයක් ඉදිරිපත් වී නැත.  ඒ අරභයා විවිධ මතවාද පළ වී තිබේ. මෙසේ විවිධ මත ඉදිරිපත් වී තිබුණ ද කවියේ ප්‍රභවය පිළිබඳ ව නිශ්චිතව ම කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.

1. කවිය මිනිසාගේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ බද්ධ  වී ඉපදුණි.

2. සමාජ පරිණාමයට සමඟ සමාන්තර ව කාව්‍ය ආකෘති හා අදහස් වැඩුණි.

3. මිනිසා තම අද්දැකීම් සන්නිවේදනය තුළින් නොනැවතී තම භාවාත්මක ලෝකය, ආස්වාදය, සෞන්දර්ය පිළිබඳ ව අවශ්‍යතාවෙන් පෙළීම කවියේ උපතට හේතු විය.

සෑම කලාවක් මෙන් ම කවිය ද පොදු ජනයා අතර ඉපදී වැඩුණි. පසු ව එය විශේෂ පුහුණුවක් ලත් කවි නැතිනම් පඬි පිරිස අතරට පත් වූ බව පෙනේ.

පැරණි ග්‍රීසියේ විසූ විශිෂ්ටත ම ප‍ඬ්වරයෙකු වන ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රීය නම් විචාර කෘතිය ලියමින් කාව්‍යමය (සත්‍ය) නම් සංකල්පයක් පිළිබඳ ව සඳහන් කරයි.

භරතමුනි ද නාට්‍ය ශාස්ත්‍රයේ කවි රස විදීම පිළිබඳ ව ස‍ඳහන් කරයි.

සෑම රටක ම ආදිත ම කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසය, වීරයන් හා ආගමික දේවල් සමඟ බැඳී පවතී. රිද්මය, තාලය ආදිය බහුතර මිනිසුන්ගේ කන පින වූ නිසා ආගම, නීතිය, විවිධ දේශපාලන අදහස් ව්‍යාප්ත කිරීම සඳහා කවිය උපයෝගි කර බව පෙනෙයි.

පසුකාලීන කවිය විදග්ධ කවි හා ජනකවි ලෙස සම්ප්‍රදාය දෙකකට බෙදී ගිය බව පෙනෙයි.

එහෙත් වරින් වර මේ සම්ප්‍රදායන් දෙක අතර මිශ්‍ර වීම හට ගත්තේ ය.

- වචන 

- සංකල්පය 

- විරිත් 

        ආදිය මෙසේ මිශ්‍ර විය.

සමාජය සමඟ ස‍ංස්කෘතිය ද, සංස්කෘතිය සමඟ භාෂාව ද, ඒ සමඟ කවිය ද වෙනස් විය. ඒ ඒ යුගවල සමාජයෙත්, සංස්කෘතියේත්, භාෂාවේත් ඇති වූ වෙනස කවියේ ද පිළිබිඹු වන්නේ මේ නිසා ය.

එක් එක් ජාතීන්ට අයත් කාව්‍ය සම්ප්‍රදායන් තිබෙන බව සත්‍යයකි. එහෙත් කවිය සමස්ත ලෝකයට ම පොදු දෙයකි.

සෙසු සියලු ජාතීන්ගේ කවිවල මෙන් ම සිංහල කවිය ද නිශ්චිතව ම මේ වර්ෂයේ මේ දිනයේ ඇරඹුණේ යැයි කිව නොහැකිය. එහෙත් දැනට හමු වී තිබෙන පැරණිත ම කවිවල භාෂාව හා ඒවායේ මූලාශ්‍රය පිළිබඳ අවධානය යොමු කරන සාහිත්‍ය ඉතිහාසඥයෝ සිංහල කවියේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ ව මත වාද පළ කරති.

පොදුවේ පිළිගැනෙන පරිදි ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රි. පූ. 5 වන සියවසෙනි. ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්‍ය භාෂාවන් කතා කරන කණ්ඩායම් ජනවාස බිහි කිරීම මෙම යුගයේ දී සිදු විය.

දැනට ශේෂ ව පවතින පැරණිත ම ශිලා ලේඛන හමු වන්නේ ක්‍රි.පූ 3 වන සියවසේ අපර භාගයේ සිට ය. ඒවා ඉතා කෙටි ගී කිහිපයකි.

"මහරඣහ ගමණි

අබයහ

දෙවන පියශ

රමණී බරිය මිලක තිශ

විහාරේ කාරිතෙ කතිය" 

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ ආදිත ම ශිලා ලේඛනවල පවා කාව්‍යමය ගුණය, කාව්‍යමය ලක්ෂණ දක්නට ඇති බවයි. එනම් තාල, විරිත් ආදියෙන් යුක්ත වන බවයි.(සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය - නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි)

එනමුත් දැනට අප දකින ප්‍රථම සිංහල කවි පොත සියබස්ලකරයි. මෙය 807-823 කාලය තුළ ලියූවක් යැයි සැලකෙයි. සියබස්ලකර යනු  සිංහල භාෂාවේ අලංකාර පිළිබඳ ව විස්තර කරන කෘතියකි.

මේ කාලය වන විටත් කවි ලිවීම හා රසවින්දනය විශාල වශයෙන් පැවති බව මෙබඳු පොතක් ලියවීමෙන් පෙනෙයි.


Monday, August 2, 2021

_වාග් විද්‍යාව හැඳින්වීම_

වාග්විද්‍යාව යනු භාෂාව පිළිබඳ ව විද්‍යාත්මක අධ්‍යයනයක් යැයි සරල ව දැක්විය හැකිය. 

සාමාන්‍ය වාග්විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය හා අර්ථය වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයන කුල පවතී. මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් ලෙස,

1. ශබ්ද ක්‍රම හා සාරාංශ ශබ්ද ඒකක අධ්‍යයනය කරන ශබ්ද විද්‍යාව

2. කථන ශබ්දයන්හි අඩංගු මූලික ලක්ෂණ 

3. භාෂා නොවන ශබ්දයන් හා ඒවා ඒවා නිපැයෙන්නේ හා තේරුම් ගන්නේ කෙසේද යන්න කෙසේද යන්න පිළිබඳ ව අධ්‍යනය කරයි.

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ "භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කෘතියෙහි මෙසේ දක්වා තිබේ.

"භාෂාව වාග්විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳ ව හෝ භාෂා කිහිපයක් පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයයි."

වාග්විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. සංස්කෘත පද සාධන නීති අනුව මෙහි වාච් යන්න වාක් වන අතර, ඝෝෂාදේෂ සන්ධියෙන් වාක් - වාග් බවට පත් වී ඇති බව විචාරක මතයයි. වචනය හෙවත් භාෂණය පිළිබඳ ව විද්‍යාව යනු එහි වාච්‍යාර්ථයයි.

භාෂා යන්න බොහෝ දුරට වාච්/වාක් යන්නට සමානාර්ථවත් පදයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජනවහරෙහි මෙන් ම සේ වහරෙහි යෙදෙන අවස්ථා දක්නට ලැබේ.

භාෂා යන්නත් වාග් යන්නත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේ දී පළමු කොට ම එම අධ්‍යනයෙහිලා භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳ ව අර්ථ නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

භාෂා යන්න භෂ් ධාතුවෙන් උපන් කෘදන්ත නාමයකි.

වාග්විද්‍යාවේ නිතර යෙදෙන වාග්/වාක් වචන ආදී කෘදන්ත නාමයන්ට   මුල් වූ වච් ධාතුව ද ව්‍යක්ත වචන  අර්ථයෙහි යෙදෙන්නකි. වාක්/වාග් යන්න බොහෝ දුරට භාෂා යන්න සමාන සේ සලකන්නේ එහෙයිනි.

වාග්විද්‍යාවේ දී භාෂා යන්න ඉංග්‍රීසියෙන් language යන වචනය සමඟ ද, භාෂණ යන්න speech යන වචනය සම‍ඟ ද බොහෝ දුරට සමාන බව සැලකෙයි.

අරුත් ලෙස මේ දෙකෙහි පවතින වෙනස්කම්  වාග් විද්‍යාඥයන් විසින් වැදගත් කොට සලකන්නට පටන් ගත්තේ 18 -20 සියවස්වල විශේෂ අවධානයක් යොමු වූ ඓතිහාසික තුලනාත්මක වාග්විද්‍යා අවස්ථාව ඉක්මවා, භාෂා අධ්‍යයනය නූතන වාග්විද්‍යා අවස්ථාවට එළඹීමත් සමඟය.

20 වන සියවසේ පළමු දශකයේ දී ෆර්දිනන්ද් දී සොයුස්‍යෝ නම් වාග් විද්‍යාඥයා විසින් ජිනීවා  විශ්වවිද්‍යාලයේ දී සාමාන්‍ය  වාග්විද්‍යාව පිළිබඳ ව පාඨාවලීයක් නමින් ප්‍රංශ භාෂාවෙන් පාඨමාලාවක් පැවැත් වීය.

එහිදී භාෂාව හා සම්බන්ධ වූ සුවිශේෂී අවස්ථා තුනක් කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමු විය.

1. La language - භාෂාව

2. Le language - අරුත

3. La parole - භාෂණය

යන ප්‍රංශ භාෂා නම් වලිනි.

ඔහුගේ විවරණයට අනුව මින් පළමුවැන්න සමාජයට අයත් සමාජ සංසිද්ධියකි. දෙවැන්න පුද්ගලයාට අයත් වූ පෞද්ගලික කාර්‍යකි. 

වාග්විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිර්වචන කිහිපයක් මෙසේ ය.

"ශාස්ත්‍රීය විෂයයන් අතරින් වාග්විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි." ( රස් රයිමර්) 

19 වන සියවසේ අග භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. සිංහලයට වාග්විද්‍යාව හඳුන්වා දීමේ ගෞරවය මහාචාර්ය සුගතපාල සිල්වාට හිමිවේ. ඔහුට අනුව වාග්විද්‍යාව යනු, "භාෂාවේ පැවැත්ම පරීක්ෂා කරන විද්‍යාවයි."


Friday, July 30, 2021

_පිපියන් තව මල්_








නුබට නැත පිපෙන්නට 

ඉඩක් ස්ථිර බිමක

කොතන පැල කෙරූව ද

පිපියන් සුදුම සුදුවට 

ලොව ම සුවඳ කරවන  

මල් කළඹක් ලෙසට 


_සිත් ගත් සේයා රූ_📷

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.







පොරවගෙන හරිත පැහැ

වට කරන් සුළං පොදි

අල්ලමින් ඉඟි බිඟිය

ගුලිවෙමින් කිටි කිටියෙ

ආ විගස සුළං වැල්

වියළි කොළ කහ පැහැති

බිම දමා සියල්ල ම 

සිනාසෙන අපූරුව

රත් පැහැති අලුත් දළු 

සිනාවෙන් වැනෙද්දී

බිම වැටුණු වියළි කොළ 

දිරාපත්  වී හඬයි


_හිමවත් පෙම_


 කළිඟු කුමර නිමිති අනුව වනයට ගොස් සොවින් තැවී

මව්පිය දෙපළත් සමඟ ම මධු රජ දුව වන ගත         වී

කළිඟු කුමර දකින විටදී  මදු කුමරිය ගසකට          වී

කුමරුගෙ සිත ඇදී ගියා මෑ නම් දෙව්දුවක් ම          වී



Monday, July 26, 2021

_I Wandered Lonely as a Cloud - William Wordsworth_ පරිවර්තනය_






I Wandered lonely as a cloud 

That Flots on high o'er vales and hills,

When all at once, I saw a crowd 

A host, of golden daffodils;

Beside the lake, beneath the trees 

Fluttering and dancing in the breeze..


ඉබාගාතේ සැරි සරමි මම

පාවෙන වළාවක් ලෙසට

අර පේන කඳු මතින්

දුටිමි රන්වන් පාට ගැන් වූ

ඩැෆෝඩිෆ් මල් කොමළියන්

විල් අසල තුරු අසල

සුළං පොදි අතර නටමින්

පියාඹන අපූරුව


_Stopping by Woods on a Snowy Evening (Robert Fross) - සිංහල පරිවර්තනය_

 


                         








 Whose woods these are, I think I know

His house is in the village through

He will not see me stopping here

To which his woods fill up with snow

 

My little house must think it queer

To stop without a farm house near

Between the woods and frozen lake

The darkest evening of year

 

He gives his harness bells a shake

To ask if there is some mistake

The only other sounds the sweep

Of easy wind and dawning flake

 

The woods are lovely, dark and deep

But I have promises to keep

And miles to go before I sleep

And miles to go before I sleep

 

 

හිම වැටෙන සන්ද්‍යාවක වනපෙතක නැවතීම

මම සිතමි මම දනිමි මේ වනපෙත් කාගේ ද

නිසැකය ඔහු මේ ගම්දොර වැසියෙකි

නොදකීවි ඔහු මගේ මෙහි පැමිණ නැවතීම

හිමවලින් වැසී ගිය වනපෙත දැකීමට

 

මගෙ කුඩා නිවස දෙස පුදුමයෙන් සිතන්නට

නැවතීමකින් තොර ගොවිපළක් අසලට

සීත වුණු විල් හා වනපෙත් අතරමැද

වසරේ අඳුරුතම ගෙවී යන සන්ද්‍යාව

 

ඔහු දුන්න මිහිරිතම සීනු හඞ නාදවෙයි

නන්විධි වරදක් සිදු වී ද විමසන්න

මිහිරි වූ සුළං වැල් අනෙක් නඳ විද ගන්න

වනපෙතින් හමායන මඳ වූ සුළං පොදි

 

වනපෙත් සොදුරුයි අඳුරුයි ගැඹුරුයි

එනමුත් කළ යුතු දේවල් බොහොමයි

නින්දට පෙර මා යා යුතු දුර තිබෙයි

නින්දට පෙර මා යා යුතු දුර තිබෙයි

 

Sunday, July 25, 2021

_කොරෝනා පෙරළිය_

 පටන් ගත් ටියුට් කියවා නිමක් නැත

නිමා වෙන තැනක් ළඟ පාතක ද නැත

තවත් දහස් වැඩ ගොන්නක් ලියා ඇත

කරන්නෙ කොහොම තනි මම පමණි වැඩ


දවස් හතම දේශන නම් නිමා නැත

අරක කොහෙද මේ කෝකද නිනව් නැත

බිත්ති හතරකට පමණක් මැදි ව ඇත

කොවිඩ් ඇවිත් කනපිට පෙරලුවා අප


යහළු යෙහෙළියන් උන්නද මළා නැත

සොයන්නට වෙලාවක් උන් හට ද නැත

තරහ නොවනු මිතුරනි සිත සිටී නුඹ

මතකද එදා නිම කළ හැටි මෙවන් වැඩ


Friday, July 23, 2021

_රබර් සෙරෙප්පු _

 

උස බූට් නැතුවාට 

හයියෙන් ඇවිදින්න

අප්පච්චි කැමතිම

මේ රබර් ජෝඩුවට

ගල් වැලි පෑගෙන්නෙ

රබර් ජෝඩුවට මිස

උස බූට් කොහෙන්ද

තාත්තට ඇවිදින්න 

ලස්සන ජෝඩුවක්

මට අරන් දුන්නාට 

කිව්වෙ ඔහු හැමදාම 

මං ආස මේකට 


Wednesday, July 21, 2021

_මායා යථාර්ථවාදී රීතිය_ "සියක් වසක හුදකලාව"

         මායා යථාර්ථවාදී රීතිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මුලින් ම හමුවන කෘතියක් ලෙස සියක් වසක හුදකලාව නම් කෘතිය හැඳින්විය හැකිය.1530 වර්ෂයෙන් පසු කාලීනව බිහි වූ ලතින් ඇමරිකානු සාහිත්‍ය තුළ ප්‍රධාන තැනක් හිමිවන රචකයෙකු වූ ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් මෙම කෘතියේ කර්තෘ ලෙස සැලකේ.ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් වන මොහු සියල්ලට ම වඩා
One Hundred Of Years of Solitude” එනම් සියක් වසක හුදකලාව නැමැති කෘතිය ලියා ලෝකය උඩු යටිකුරු කළ අයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වේ.

1982දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ අගනා කෘතියක් ලෙස සියක් වසක හුදෙකලාව කෘතිය සම්මානයෙන් පිදුම් ලැබී ය. ගාර්ෂියා මාර්කේස්ගේ සියලු කෘති අතුරින්  One Hundred Years of Solitude (සියක් වසක හුදකලාව) නවකතාව වඩාත් සිත්ගන්නා සුලු හා වඩාත් ම සංකීර්ණ ය. එය ඔහුගේ වාණිජමය වශයෙන් වඩාත් ම සාර්ථක නවකතාව බවට පත් විය. One Hundred Years of Solitude ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ විශිෂ්ටත ම කෘතිය වූ අතර එම නවකතාවට සඳහා පුලිට්සර් ත්‍යාගය පිරිනමන ලදී.

මෙම කෘතිය තුළින් මායා යථාර්ථවාදී රීතිය නොහොත් ඉන්ද්‍ර ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත විය.මාර්කේස්ගේමෙම කෘතිය තුළ සෑම පිටුවකින් ම magic realism  ශෛලිය නැතිනම් මායා යථාර්ථවාදය සඳහා උදාහරණ සොයා ගත හැකිය.

මායා යථාර්ථවාදය නැමැති සංකල්පය කරළියට ආවේ රෝමාන්තිකවාදයට එරෙහි ව නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ වුව ද මෙම මායා යථාර්ථවාදී ශෛලිය නිසා කිසිසේත් ම යථාර්ථවාදය ඛණ්ඩනය වූයේ නැත. පවතින සත්‍යය, යථාර්ථය වෙනත් සන්දර්භයක් යටතේ විශ්ලේෂණය කිරීම මායා යථාර්ථවාදයෙන් සිදු විය.

මේ ශෛලියට ලියැවුණු වෙනත් කෘති ලෙස මාර්කේස්ගේ කොලරා කාලේ ආලේ”, කෆ්කාගේ ඇමරිකා, නඩු විභාගය, බලකොටු මාලිගාව වැනි බොහෝ කෘතීන් මෙන් ම සිංහල කතා කලාවේ මොහාන් රාජ් මඩවලගේමාගම් සෝලිය, ලොවීනා හා සයිමන් නවගත්තේගමගේ සංසාරයේ දඩයක්කාරයා වැනි කෘති තුළ ද මෙම ශෛලිය ඉස්මතු වී පෙනෙයි.

සියක් වසක හුදෙකලාව කෘතිය තුළ මාර්කේස් ඇමරිකානු මහද්වීපයට ම ආවේණික ස්වභාවිකත්වය, ජන කතා, විහිලු, පුරාණෝක්ති යන සියල්ල එකට කැටි කරගත් දැවැන්ත රූපමය ගොඩනැංවීමක් සිදු කර තිබේ යැයි සිතමි. කෘතිය මදක් කියවාගෙන යාමේදී අප ජීවත්වන සැබෑ ලෝකයෙන් වෙනස් ස්වභාවයක් හැඟේ. මාර්කේස්ගේ මෙම වෙනසට හේතු වූ පසුබිම ඔහු මෙසේ ඉදිරිපත් කොට ඇත.

මගෙ ජීවිතේ පැහැදිලි බෙදුමක් තිබුනා…එකක් තමයි මගේ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය…ඒකෙ තිබුනේ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසය…ඊළඟට මගේ ආච්චිගෙ ලෝකේ….ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුන ෆැන්ටසිමය ලෝකයක්….” -ගාර්ෂියාමාර්කේස් ( NRP Radio interview )-

  කෘතිය තුළ පිළිබිඹු වන්නේ පරම්පරා හතක කතාවෙකි. මේ පරම්පරා 7 දක්වා ම බුඑන්ඩියා සහ උර්සුලා ජීවත් වේ. මේ තුළින් පැහැදිලිව ම කෘතිය තුළ මායා යථාර්ථවාදය දැඩි සේ ගැබ්ව ඇති බව පෙනෙයි. සාමාන්‍ය මිනිසෙකුට පරම්පරා හතක් ජීවත්වීමට ජීවත් වීමට කිසිසේත්මනොහැකි ය. නමුත් කෘතියෙ බුඑන්ඩියා හා උර්සුලා පරම්පරා හතක් ම ජීවත් වේ. අවසානයේ බුඑන්ඩියා උමතු වුවද ඔහුගේ ජවසම්පන්න සොබාව තවමත් එලෙසම පවතින හෙයින් එළිමහනේ ගසක බැඳ තබන්නට සිදු වන බව කෘතියේ දක්වා ඇත.

මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් ලෙස පුද්ගලයෙකු සර්පයකු වූ පුවතක් සඳහන් වේ.ඒ ඔහුගේ වරදක් හේතුවෙනි. නමුත් පුද්ගලයෙකු කොතරම් වරදක් සිදු කළ ද ශරීර අංග ලක්ෂණ වෙනස් වන පුවතක් සැබෑලෝකයෙන් දුරස් ය. බුදු දහමට අනුව මෙලොවින් තුරන් වී යළි උපදින ආත්මභාවයක එකී විපාක පලදුන්අවසථා අසා තිබුණද සාමාන්‍ය ලෝකයේ එවැනි ශරීර අංග ලක්ෂණ වෙනස් වීම කිසිසේත් ම විය නොහැකි සිද්ධියකි.

"පබළු වලින් ගෙල බරවූ ඉතාම ළාබාල අහිකුන්ඨක ගැහැණු ළමයෙකි. ඇය සිටියේ තම මව්පියන්ට අකීකරු වීම නිසා සර්පයකු බවට පත් වූ මිනිසාගේ දුක්මුසු දර්ශනය නරඹමින් සිටි සෙනඟ අතරේ ය."

මායා යථාර්ථවාදයේ ස්වභාවය වන්නේ මෙයයි.

තවත් අවස්ථාවක සඳහන් වන්නේ උඩින් පියාසර කිරීමේ පුවතකි. සාමාන්‍ය ලෝකයේ පියාසර කළ හැක්කේ පක්ෂීන්ට පමණි. රහතන් වහන්සේලා වැනි සෘද්ධි ලැබූවන් පියාසර කරන කතා පුවත් අසා තිබුණද සාමාන්‍ය මිනිසෙකු පියාසර කරන අවස්ථා කිසිසේත් ම සැබෑ ලෝකයේ දක්නට නොලැබේ.

"පරිස්සමට සඟවා තබාගත් අන්තිම රන්කාසි ඩැහැගත් මිනිස්සු ගමේ ගෙවල්වලට උඩින් වේගයෙන් පියාසර කිරීමේ වරම ලබා ගැනීමට උත්සුක වූහ"

සියක් වසක හුදෙකලාව නැමැති මෙම කෘතියේ විචාරකයන් පෙන්වා දෙනු ලැබූ මායා යථාර්ථවාදී රීතිය වන්නේ මෙයයි. සැබෑ ලෝකයෙන් ව්‍යුක්ත සුරංගනා කතාවල පවතින මේ ආකාරයේ සිද්ධි යොදා ගනිමින් වෙනස් ම ආකාරයේ සන්දර්භයක් ඉදිරිපත් කිරීම කතුවරයාගේ අපේක්ෂාව වී ඇත. නමුත් ඔහුගේ කෘතිය දෙස මතුපිටින් බලන අයෙකුට ඒවා කිසිසේත් ම හැබැහින් දැක ගැනීමට නොහැකි සිදුවීම් ය.

 මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් මෙසේ දැක්විය හැකි ය.

"එම කාලයේදී විනෝද විනෝදකාමී අසභ්‍ය වචන කියන හැඟීම් පොළඹවන සුලු ගැහැනියක් ගෙදරදොර කටයුතුවලට උදව් වීමට එම ගෙදරට ආවාය. ඇය කඩදාසි කුට්ටමේ කොළවලින් අනාගතය කියන සැටි දැන සිටියාය. උර්සුලා තම පුත්‍රයා ගැන ඇයට කීවාය. ඔහුගේ ඔහුගේ ලිඟුවේ අසාමාන්‍ය විශාලත්වය ඇයගේ ඥාති සොහොයුරාගේ වලිගය වැනි වූ අස්වාභාවික දෙයක් යැයි ඇය සිතුවා ය "

මෙම නිදසුන මඟින් ද පැහැදිලි කරනුයේ මායා යථාර්ථවාදී රීතියේ ස්වභාවයයි. සාමාන්‍ය ස්ත්‍රියකට කාඩ් පතක් බැලීමෙන් අනාගතයේ පැවසීම සිදු කළ හැකිද යන්න ගැටලුවකි. කෘතියේ මායා යථාර්ථවාදය ඉස්මතු වෙන විශේෂ අවස්ථාවක් ලෙස පුත්‍රයාගේ ලිංගුවේ ඌරු වලිගයක ස්වභාවය පැවතීම දැක්විය හැකිය.සාමාන්‍ය මනුෂ්‍යයකුට ඌරු වලිගයක් පිහිටීම කිසිසේත් ම සිදුවිය නොහැකි දෙයකි .

ගාර්ෂියා මාර්කේස්ගේ සෑම නවකතාවක් ම විසිවන සියවස ආරම්භයේ සිට ලතින් ඇමරිකාවේ ඇති ගැටුම් ඉස්මතු කරයි. ඔහුගේ බොහෝ නවකතාවල ආදරය, බලය සහ මිනිසුන්ට තමාව ම පරිවර්තනය කර ගැනීමේ හැකියාව ගැන පවසයි.ඔහුගේ නවකතා ආශ්චර්යමත් හා විස්මිත සිදුවීම් සහ චරිත වලින් පිරී තිබුණු අතර සැබෑ ජීවිතයේ සැබෑ තත්වයන් තුළ අභිරහස සහ මනංකල්පිත අංග ඇතුළත් කලේය. සියවස් ගණනාවක යටත් විජිතවාදය, සිවිල් යුද්ධය සහ දේශපාලන ව්‍යාකූලත්වය ඔහුගේ කෘති වලට අමුද්‍රව්‍ය විය. තවමත් නොවිසඳී ඇති මහාද්වීපයේ අතිශය ඛේදනීය අස්ථාවරත්වය සහ අමානුෂිකත්වය ඔහු හෙළි කරයි.

      මාර්කේස්ගේ අභාවයෙන් පසු, කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් ඔහු හැඳින්වූයේ “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම කොලොම්බියානු ජාතිකයා‘ ලෙසය.

         මාර්කේස් ලොව පුරා ලේඛකයින් විශාල පිරිසකට ඉමහත් බලපෑමක් ඇති කළේය. ගාර්ෂියා මාර්කේස් තමන්ට ආඛ්‍යාන නිදහසට මග පෙන්වූ බව ප්‍රංශ ලේඛක එරික් ඔර්සෙනා පවසයි. ඉන්දියානු ලේඛක සල්මාන් රුෂ්ඩි, මාර්කේස්ගේ ලේඛන ශෛලියෙන් ආභාෂය ලැබූ අතර එය ඔහුගේ නවකතා බොහොමයක භාවිතා කර ඇත. 2012 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් චීන ලේඛක මෝ යාන් ගේ නවකතා වලට ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම නිරීක්ෂණය කර තිබේ. ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම ඉරාන දේශපාලනය කෙරෙහි පවා සලකුණු තබා තිබේ. මේ අනුව ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට වඩා බොහෝ දුරට විහිදෙන උරුමයක් ලබාගත්තේය.

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...