Ø ගීයට හිමි වටිනාකම පවතින්නේ එහි පද රචනය තුළ ය. ගී පද රචනය අසාර්ථක වුවහොත් සම්භාව්‍ය ගායකයකු, සංගීතඥයකු බිහි නොවේ.
Ø කුමාරදාස සපුතන්ත්‍රියන් සිංහල ගී කලා ක්ෂේත්‍රයට සම්භන්ධ වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ගුවන් විදුලි සංස්කාරවරයෙකු මෙන් ම වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසය.
Ø සපුතන්ත්‍රියන් තම මාවතේ ස්ථිර පදනම දැමුවේ 1999 වර්ෂයේ එළිදැක්වූ “මලින් මලට” යන ගී පද එකතුවෙනි.
Ø ප්‍රථම සරල
ගීය නිර්මාණය වුණේ ගුවන් විදුලි වැඩසටහනක දී රෝහණ වීරසිංහයන් වෙනුවෙනි. “අපරාජිතයි මා හද රජ දහනක”
යන ගීතය ඔහුගේ ප්‍රථම ගීතය බවට පත්වුණි.
Ø සපුතන්ත්‍රීයන්
වැඩි වශයෙන් ගී පද රචනා කළේ සුනිල් එදිරිසිංහයන් ය.
· චන්ද්‍ර මඬල
බැද්ද වටින් මෝදු වෙලා.....
· හදේ කොතැනක හෝ
හිඳී ඔබ.....
· නිදුකාණෙනි.........
· ඇසුවේ ද කවුරුන්
හෝ ඔබෙන්.........
· මිනිසා සුවඳයි
මල සේ........
· මලට සුවඳ සේ.......
· සූවිසිවරණින්.......
· රන් මලක් ලෙස.......
Ø එඩ්වඩ් ජයකොඩි සූරීන්ට ලියා
දුන් ගීත ලෙස,
· ලඳුඕවිටිකළල්
මතින්...........
· මාරම්බරි...........
· එපා සඳේ ඔබේ
සිනා මේ රැයේ........
· මාලතී වසන්තේ.............
හදේ කොතැනක...
Ø විරහවේ වේදනාව සිත කීරිගස්වන අයුරින් ගෙන් එන ගීයකි. මෙහි සපුතන්ත්‍රී විසින් වචන යොදන්නේ ඉතාම පරිස්සම් සහගතව ය.
Ø ඉතා ම සුළු සිද්ධියක් පාදක කොට ගෙන සිතුවිලි සමුදායක් එක පිට එක නැග එන අන්දමට මනා ව දක්වා සිටියි.
Ø ගීය පුරාම දැවෙන්නේ අවිනිශ්චිතභාවයයි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකදැයි ඔහු නොදනියි. එසේ ම සිතිවිලි අවදි වෙන්නට ද කල්යල් බලමින් සිටියි.
Ø මේ ගීතය පෙමයේ විරහවෙන් තැවුණු, අමතක කළ නොහැවකි පෙමක් ඇති සියල්ලන්ගේ ම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු ගීයෙකි. මෙහි භාවය ඒ තරම් ම ශක්තිමත් ය.
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට
වන බඹරුන් නොවේ .. //
කුසේගින්න
සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි
තැලීලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන
මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට
ඉගිලුනාට සමනලයින් නොවේ....
අහසින් වඩින
පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි
තිස් පැය ගුවනේ සැරි සරන්නේ
නැති බැරිකමයි
උඩු සුළඟේ ළණු දෙපොටේ වැනෙන්නේ
සවුදිය පුරන
මහ පොළවට අපි දහඩිය වඩන්නේ.....
ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
Ø කුමාරදාස සපුතන්ත්‍රී සූරීන්ගේ කුඩා කළ අත්දැකීම් මෙම ගීයට වස්තු විෂය වී තිබේ.
Ø සපුතන්ත්‍රී ශූරීන්ගේ පද රචනා සාර්ථකභාවයට පත්වන්නට ඔහුගේ අත්දැකීම් ම චිත්‍රණයට නැගීම විශේෂ කරුණකි.
Ø කවියෙක් යනු ඉතාම සංවේදී කෙනෙකි. ඔහු සමාජයේ වූ ඉතාම සියුම් දෙය කෙරෙහි පවා සංවේදී වේ. මේ ගීතයේ පද රචනය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී සපුතන්ත්‍රියන් තුළ පැවති කුසලතාව මනා ව පිළිබිඹු වේ.
Ø රා මැදීම, සුරාව තේමා කරගත් නිර්මාණ බොහෝමයක් තිබේ. නමුත් එකී වෘත්තිය කෙරෙහි සාධාරණත්වයකින් කිසිදු ගීතයක් රචනා වී නොමැත.රා කැපීම නිමිති කොටගෙන ලියැවුණු මෙම ගීතය එකී වෘත්තිය කෙරෙහි සාධාරණ පද රචනයක් ඉටු කරයි.
Ø පද රචනය තුළ ව්‍යංගාර්ථ හා උත්ප්‍රාසය දැනවීම.
Ø ගී පද රචකයා තම පරිකල්පන ශක්තියෙන් රා මැදීම උත්තම රැකියාවක් බවට පරිකල්පනය කරයි.
Ø රා මැදීම පහත්
ක්‍රියාවක් යැයි සලකන සමාජයක ඔවුන්ගේ ජීවන බර, ජීවිතයේ දුක් දොම්නස් තම සංවේදී
දෑසින් දැක අනුවේදනීය ව කළ සාර්ථක ගී පැබදුමකි.
පිතුසෙනෙහේ...
Ø සෙනෙහස නොමති දින දරුවන් හිනැහුණේ කවදා දැයි ගීත රචකයා අපෙන් ප්‍රශ්න කර සිටී. දරුවන්ගේ සිතේ රැඳුණ තනිය මකන්නට මවුවරුන්ට පමණක් නොහැක.
Ø පිය කෙනෙකුගේ පවුල තුළ වූ කාර්‍යභාරය ඒ පද පෙළට එක් කර ඇති හැටි අපූරු ය.
Ø ගීතයේ සංවේදීම කොටස වන්නේ ඊලඟ අන්තරාවයි. මතු බුදු වන මවුවරුන්ට, ඒ පිළිබඳ ව නියත විවරණ ලබා දෙන්නේ තවත් පිය කෙනෙකු බව රචකයා සඳහන් කරයි. එනම් මවුවරුන්ගේ අවසන් ප්‍රාර්ථනාව පවා ඉටුවීමට පියවරුන්උදවු කළ යුතු බවකි.
Ø මෙහිදී පියාගේ නිහඬ කාර්‍යය මහත් සේ අගය පෙන්වනු
ලබයි.
No comments:
Post a Comment