බක් අඬ සඳ පෑල දොරින් පසෙකට වීලා
වෙසක්
කුමරු අතු පතරින් එබී බලාලා
ගම්මානෙම
පින් සුවඳයි දසත විහිදිලා
වෙසක්
කැකුළු පුබුදින්නට පොර අල්ලාලා
එරබදු
කැකුළියො ආයෙම
නින්දට වැටිලා
කුරුළු
කොහා තවමත් ඇත ගී මුමුණාලා
වෙසක්
සිරිය සිතට නැගී පද ගළපාලා
අන්න
බලන් තාල තබයි අත්තට වීලා
ගම්මානෙම
කොලු ගැටව්න් එකට එක්වෙලා
වෙසක්
පැටව් නෙක සායම් පාට පිරීලා
රැළි
අල්ලා පාට පාට ඇදුම් අන්දලා
කිටි
කිටියෙම පැද්දි පැද්දි යසට කැරකිලා
ගමයි
පන්සලයි ආයෙත් එකට එක්වෙලා
රාධයි
සාමයි දෙන්නම සුදුවට ඇදලා
වෙසක්
තොරණ දැකුමට අත් දෙක අල්ලාලා
යන
දවසට පැතුම් පතමු බුදුහිමි වැදලා
No comments:
Post a Comment