ග්‍රන්ථ නාමය
Ø ග්‍රන්ථ
නාමය පිළිබඳ
ව
අවධානය යොමු කිරීමට ප්‍රථම ජාතකය ජාතක කතා යනු මොනවාදැයි විමසා බැලිය යුතුය.
ජාතං භූතං පුරා වුත්තං භගවතෝ - පුබ්බචරිතං
චායාති කථේති පකාසේතීති ජාතකං යනුවෙනි.
එයට අනුව ජාතක යනු “භාග්‍යවතුන් වහන්සේගේ උපත සිදු වූ පෙර පුවත්, පෙර සිරිත් වටහා දෙන්නේ කියන්නේ නැතිනම් ප්‍රකාශ කරන්නේ ජාතක කතාව වේ” යනුවෙනි.
මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා ජාතක යන්න ඉතා සරල ව මෙසේ දක්වා ඇත.
“ජාතක වනාහි අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ තැන් පටන් වෙස්සන්තර ආත්ම භාවය තෙක්ම උන්වහන්සේගේ පෙර සිරිත් කියන්නා වූ කතා රැසකි. එනම් උන්වහන්සේගේ පෙරුම්දම් පුරන කල්හි බෝසතුන් ලෙස ගෙවූ පෙර ආත්ම භවයේ වස්තු කොට ගෙන සැකසුණු කතාය.”මෙම කොටසින් ජාතක යනු කුමක් ද යන්න පැහැදිලි ය.
කර්තෘ හා කාලය
Ø පාලියෙන් පැවති එකී ජාතකට්ඨකතාව සිංහලයට පෙරළන ලද්දේ කුරුණෑගල යුගයේ දී සිව්වන පැරකුම්බා රජු දවසේ දී ය.
Ø ජාතක කතා පොතට අනුව පරාක්‍රම නම් ඇමතිවරයෙකු මේ සඳහා ආරාධනා කොට ඇති අතර වීරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යවරයෙකු වෙහෙසී කටයුතු කර ඇත.
Ø කෙසේ වුවත් උගතුන්ගේ පිළිගැනීම අනුව ජාතක කතා සිංහලයට පරිවර්තනය කිරීම කර්තෘ මණ්ඩලයක් විසින් කරන ලද්දකි. ඒ නිසා මෙය බහු කර්තෘ කෘතියක් වෙයි.
Ø මෙය
පරිවර්තනය කිරීමේ
කාර්යය කුරුණෑගල යුගයේ රාජ්‍යය විචාළ සිව්වන
පැරකුම්බාවන්ගේ සමයේ දී ආරම්භ වූ අතර සෑහෙන කාලයක් පුරාවට සිදු වූවා යැයි සැලකේ.
මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා ඒ පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.
“ජාතක කථාවන් ගේ ඇතිවීම පැවතීම ගැන පිරියෙසුම් කරන උගතුන්ගේ අදහස නම් ඇතැම් කථා පුවත් බුද්ධ කාලයටත් වඩා පැරණි බවයි. බුද්ධ කාලයට පෙර භාරතීය ජනයා අතර පැවති කතන්දර පසුව ජාතක කතා ලෙසින් සකස් වුණු බව ද කියති. ඒ කතා බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ අවස්ථාවලදී තතු පැහැදිලි කිරීම සඳහා, කරුණු වඩාත් එළිපෙහෙළි කිරීම සඳහා, උපමා කතා උදාහරණ තමන් වහන්සේ පෙරටු කොටගත් අදහස් සපුරා ගනු පිණිස යොදා ගත්හ. එසේ කිරීමේදී එය බෞද්ධ මුහුණුවරක් ගත්තේ ය” යනුවෙනි.
Ø බුද්ධ භාෂිත වූ ජාතක දේශනා මිහිඳු හිමියන් විසින් ලංකාවට ගෙනෙන ලදුව උන්වහන්සේ විසින් ම උගත් තෙරවරුන් ලවා එය සිංහලයට පරිවර්තනය කොට තබන ලදැයි දැක්වෙයි.
Ø හෙළු බසින් පැවති එම කතා ඇතුළත් වූ ජාතක අටුවාව ඉවහල් කොට ගෙන බුද්ධඝෝෂ හිමි හෝ වෙන අර්ථකථාර්ය අයකු හෝ පාලි භාෂාවෙන් ජාතකට්ඨකථාව සම්පාදනය කොට ඇත.
Ø “පුරාණ සිංහල ජාතක කතා පාලියට පෙරළන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. නමුත් බුද්ධඝෝෂ හිමියන් ජාතකට්ඨකථා නිපද වූ බවක් සමහරුන් පළ කරත් ඇත්ත වශයෙන් ම උන්වහන්සේ කළේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් සිංහල භික්ෂූන් විසින් සිංහලයට නගන ලද ජාතක කතා නැවත පාලියට පෙරලීම පමණකි” යනුවෙන් නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය කෘතියේ දක්වයි.
Ø “පාලි ජාතක පොත උගත්තේ භික්ෂූන් වහන්සේ හා පාලිය උගත් ගිහියන් විසින් පමණකි. සාමාන්‍ය ගැමියන් මේ කතා අසා දැනගත් දැන ගන්නා ලද්දේ භික්ෂූන් වහන්සේගෙනි. මෙය හිරිහැරයක් කොට සැලකූ මෑතක විසූ කිහිපදෙනකු එක්ව මුළු ජාතක පොත ම සිංහලට පෙරළා සිංහල ජාතක පොත නිපදවූ” යැයි නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන්ගේ කෘතියේ තවදුරටත් සඳහන් වේ.
ජාතක පොතේ වැදගත්කම
Ø සංස්කෘත සාහිත්‍යය පුළුල් කිරීමෙහිලා මහා භාරතය, රාමායණය වැනි වීරකාව්‍යවලින් සුවිශේෂ වූ සේවාවක් ඉටු වූවා සේම සිංහල සාහිත්‍යයේ පුළුල් කිරීමෙහිලා ජාතක කතාවලින් ලැබී ඇත්තේ අමිල සේවාවකි.
Ø “නූතන
නවකතා, කෙටිකතා
ආදියෙහි චරිත
නිරූපණය කර
ඇති ආකාරයට
තරමක් හෝ
සමීපවන පරිදි චරිත නිරූපණය කර ඇත්තේ ජාතක
කතාකරුවා බව විචාරකයන්ගේ මතයයි.”
- මාර්ටින්
වික්‍රමසිංහ
බණ කතා
සාහිත්‍ය -
-
විල්ගම්මුල
හාමුදුරුවෝ “සඳ කිඳුරු දා කව” කළේය.
- කෝලම් නාටකකරුවෝ සිය කෝලම් රංගන අවසානයේ “සඳ කිඳුරු කථාව” රඟ දැක්වූහ.
- සරච්චන්ද්‍රයන්ගේ මනමේ රංග ගතවීමෙන්
පැරැණි දේශීය නාටක ප්‍රතිනිර්මාණය වන්නට වූ විට ගුණසේන ගලප්පත්ති “සඳ කිඳුරු” නූතන වේදිකාවට ගෙන ආවේ ය.
-
අශෝක
හඳගම සිය ප්‍රථම සිනමා නිර්මාණය නම් කළේ ද “චන්ද කින්නරී” නමිනි.
-
නිශ්ශංක
විජේමාන්න “චන්ද්‍ර කින්නරාවී” නමින් කෙටිකතාවක් ලීවේ ය.
ප්‍රමාණය
ජාතක කතාවේ ආකෘතිය
1. වර්තමාන
කතාව
2. අතීත
කතාව
3. ගාථා
4. වෙය්‍යාකරණ
5. සමෝදාන කතාව
අතීත කතාව - ජාතිකය යන නමින් හඳුන්වන කොටස හෙවත් බෝසතුන්ගේ අතීත
සිරිතය
ගාථා - උපදේශයක් වශයෙන් හෝ
කතාව වශයෙන් හෝ දක්වා ඇති ගාථා කොටස් ය.
වෙය්‍යාකරණ - ගාථාව විස්තර කොට ඇති කොටස ය.
සමෝදානය - අතීත කතාවේ ආ චරිත වර්තමාන කතාවේ චරිත සමඟ ගළපන කොටස් ය.
1. වර්තමාන
කතාව
2. අතීත
කතාව
3. සමෝදානය
ඇතැම් ජාතක කතා තුළ තවත් කුඩා කතා ද දක්නට ලැබේ.
ජාතක පොතේ විශේෂතා
1)ජාතක කතා පොතේ එන විශේෂ සාහිත්‍යමය ලක්ෂණ වන්නේ එය උගතාටත් නූගතාටත් එක සේ රසවිඳීමට හැකියාවක් තිබීමයි. ජාතක පොත රසවිඳීමට විශේෂ දැනුම් සම්භාරයක් අවශ්‍ය නොවේ. අමාවතුර, බුත්සරණ යන ග්‍රන්ථවල පාඨක පිරිස එක් පක්ෂයක් වටා කේන්ද්‍රගත වුව ද ජාතක පොතෙහි පාඨක පිරිස මේ ද්විත්ව පිරිස වීම විශේෂ ලක්ෂණයකි. සරල ව්‍යවහාර බස ජාතක පොතේ දී භාවිතයට ගෙන ඇත.
“ගුරුළුගෝමීහුගේ කාලයෙහි ග්‍රන්ථාරූඪ වූයේ පණ්ඩිතයන් අතින් ම සකස්වුණු පණ්ඩිත ප්‍රිය භාෂාවකි. ජාතක පොත සිංහලයට නගන කාලයෙහි ග්‍රන්ථාරූඪ වූයේ ඒ ග්‍රන්ථ භාෂාවෙහිත් පොදු ජනයාගේ භාෂාවෙහිත් සංකලනයෙන් නිපන් ජනප්‍රිය භාෂාවකි. මේ භාෂා විපර්යාසයට වඩා තුඩු දෙන ලද්දේ සමාජ විපර්යාසය විසිනි.චන්ද කින්නර ජාතකේ මෙම ලක්ෂණය සනාථ කෙරෙන උදාහරණයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
“එදවසට බිසවුන් ප්‍රධාන කොට සතළිස් දහසක් නාටකාංගනාවෝ
වෙසෙති. ඒ සතළිස් දහසක් නාටක ස්ත්‍රීන් හුදු උභය පාරිශුද්ධ කෂත්‍රිය කන්‍යාවෝ ම
එක් දහස් අනූවක් දෙනය. බිම්බා දේවිය ද බුදුන් තමන්ගේ භවනයට වඩිනා නියාව අසා ක්ෂත්‍රීය
කන්‍යාවන් හැමදෙනම කසාය වස්ත්‍ර ගෙන හැඳ පොරවා අව මැනවැ යි විධාන කළහ......”යන නිදසුනෙන් පෙනී යන්නේ ජාතක කතා ජාතකකතාකරු
තම රචනයේදී සරල ව්‍යවහාර බස භාවිත කොට ඇති ආකාරයයි.
2) දේශිය මාර්ගය හෙවත් දේශීය රීතිය අනුගමනය කිරීම
·
මෙම
ලක්ෂණය
මාර්ටින් වික්‍රමසිංහ මහතා එතුමාගේ සිංහල සාහිත්‍ය නැගීම නම් කෘතියේ මෙසේ දක්වා ඇත.
“ ජීවන ප්‍රවෘත්ති වස්තු කොට ගෙන කාව්‍ය
සම්පාදනයට සිතන උගතුන් ජාතක පොතෙහි භාෂා රීතිය ගුරු කොට ගත යුතුය. සංස්කෘත ගද්‍යටත් එහි අනම්‍ය රීතියටත්
වහල් නොවී ජාතක පොතෙහි දක්නට ලැබෙන දේශීය මාර්ගය හෙවත් දේශීය රීතිය අපගේ වඩාත්
පැරණි පඬුවන් විසින් නිපදවන ලද නම් සිංහල ගද්‍ය ශ්‍රේෂ්ඨ ස්ථානයක් ගන්නේය.”
3) නාටයෝචිත
බස් වහර
බොහෝ අවස්ථාවල
භාවිතා කර
ඇත.
·
ජාතක
පොතේ භාවිතා
කර ඇති
සංවාද නාට්‍ය ස්වරූපයක් ගෙන ඇත. විශේෂයෙන්ම ශ්‍රාවකයා
ඉදිරියෙහි සිදුවීම් චිත්‍රණය වන ආකාරයට මෙහි බස හසුරුවා ඇත.
“එතකුදු වුවත් මහ බෝසත්හු මෙ විසඥව
වැදහොත් නියාව දැක ඇය මාගේ ස්වාමි පුරුෂයාණන් මී නියා වූ මාගේ නැටුම් නොබලා
වැදහෝනට කවර දුකෙක් උපන්දැයි පරීක්ෂා කොට බලන්නාහු ප්‍රභාර මුඛයෙන් වෑහෙන්නා වූ ලේ
දැක මා ප්‍රිය වූ ස්වාමි පුත්‍රයා කෙරෙහි ශෝකය දරාගත නොහී අක්‍රෝශ බෙණෙමින් මහ
හඬින් හඬන්නට වන්හ.....”
“අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනක ලා මේ
සා දුක්ඛයක් නිපදවන ලද පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා
උදෙසා මැරීනම් මාගේ ස්වාමි පුත්‍රයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවායි මට පැමිණී මේ
ශෝකය තගේ අඹුදරුවන්ට ද වේවයි තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති නොම තා ද තම දරුවන්
ද නොදැක නිරා වදිව යි ඇවිලී අව අවා අඩන්නට පටන් ගත්හ.”
මෙහිදී ජාතක කතාකරුවා එම අවස්ථාව සජීවී අන්දමින් වාක්‍ය කිහිපයකින්
දැක්වීමට සමත් වන්නා සේම කිඳුරියගේ ශාපය අපේ ගැමි කාන්තාවන් තම ස්වාමියා මරණයට පත්
කළ අයෙකුට සාප කරන ආකාරය සිහි ගන්වමිනි.
4) බොහෝ පාලි උපමා සිංහලයට පෙරළීමේ දී අනුගමනය කරන ලද සිංහල කව් බසින් ඒ ඒ අවස්ථාව සමලංකෘත කොට ඉදිරිපත් කිරීම.
·
උපමා
රූපක ගෙන
හැර පෑමේ
දී ජාතක
කතාකරුවාගේ
රුචිය කතාව
රසවත් කිරීමෙහිද
චරිත ගැඹුරු
කිරීමෙහිද අවස්ථා
නිරූපණයෙහි
ද ප්රබල
ව සිටි
බව සඳහන්
කළ යුත්තකි.
චන්දකින්නර ජාතකයේ ඇතුළත් පහත නිදසුනෙන් මේ සඳහා හොඳම නිදසුන යැයි
සිතමි.
“කකියා ගිය තලතෙලක ලු තන සෙයින්ද මුලින් සිඳ ලූ
ගසක් සෙයින් ද නියං සමයෙහි පැන් සිඳී වියලී ගිය මළ හෝ කඳුරක් සෙයින් ද ජීවිත
විනාශයට පැමිණෙන සේ බලව. පර්වතයහී වසන ලදුව ක්ෂණ ක්ෂණයෙහි වෑහෙන්නා වූ වර්ෂා ජල
ධාරාවක් සෙයින්ද කඳුළු වෑහෙන්නට පටන් ගත්තේය”
5) තත්භව වචන පවා අතහැර කටබස් වහරෙහි වචන යොදා යොදාගෙන තිබීම.
භාෂාවේ ප්‍රසාද ගුණය වැඩි කිරීමට වචන
සමත් වේ. චන්ද කින්නර ජාතකයේ එන ලෙස දෑල, යෙහෙළි, බිම වැද හොති, ගිම් සාරමස, හොය
වකෙක, ඇවිලි ආවා අවා යන ඒවා දැක්විය හැකිය.
6) දිගුවැකි භාවිතය
දිගුවකි භාවිත වන අවස්ථාවක් ලෙස,
“ඒ කිඳුරංගනා තොම රජහු නිරපේක්ෂ ව පලා ගිය නියාව
දැන පර්වතයෙන් බැස මහ බෝසත්හු සිප ගෙන ඔසවා පර්වත මුදුනේ ලා බෝධිසත්වයන්ගේ ඉස
තමාගේ ඇකයෙහි තබා ගෙන අඬන්නී ‘මාගේ ප්‍රිය වූ ස්වාමි පුත්‍රයාණෙනි,
පෙර
නුඹ හා මා මහා පර්වත ගුහා ආදියෙහි සිත් සේ ඔවුනොවුන් හා සනහමින් කෙළ ඇවිද දැන් නුඹ
කෙරෙන් වියෝ වූ මම කුමක් කියා ළය සනහම් ද තවද හිමියනි, පුෂ්ප ඵල පල්ලවයෙන් අලංකෘත වූ
වන ලැහැබුන් හා පෙර අප හැම කෙළ ඇවිද සමන් ලිය මඩුලු හා බලන්නෙමි තොප නො දැක අපි
කෙසේ නම් ඉවසිය හෙම්ද.............”
7) කෙටි වැකි භාවිතය
චන්ද කින්නර ජාතකයේ මෙම ලක්ෂණය පෙන්වන අවස්ථාවක් ලෙස,
“මේ සෝක දුක් දුක මාගේ ම ජීවිතය අපේක්ෂාවෙන්
නොවේ.”
“එබැවින් මමතිගේ ක්‍රීඩා විනෝදය එහි නොයමි.”
කතාවක නාට්‍යෝචිත බව හා නිරවුල්ව ගලායාමේ ස්වභාවය ඇති කිරීමෙහිලා කෙටි වැකිවලින් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ජාතක කතාකරුවා අවස්ථානෝචිත ලෙස මේ කෙටි වැකි භාවිත කර ඇත.
8) චරිත නිරූපණය
·
සාහිත්‍ය
කෘතියක් සාර්ථක
කෘතියක් වීමෙහි
ලා හොඳ
චරිත නිරූපණයක්
තිබීම අනිවාර්යය
වේ. ජාතක පොතේ දී ඒ ඒ පුද්ගලයන්ගේ චරිත
ඉතා දක්ෂ ලෙස නිරූපණය කර ඇත.
“කිමෙක් දෝ හෝ මෙලෝ රක්නාහු ලෝකපාල දෙවියෝ නැත් ම දෝ හෝ නැත. අනෙක් සක්වල දෙවියෝ වෙසෙත් දෝ නොහොත් මළාහූ දෝ හෝ යී හඩා නැවත ඉදින් දෙවි කෙනෙක් මෙළොව ඇත්නම් මහිමි හට මේ පැමිණි දුක නොබලා හරිද් දැ’යි දෙවියන්ට උජ්ඣායනා කොට හැඬූහ.”
සර්වකාලීන මනුෂ්‍ය චින්තනය ,මනුෂ්‍ය ගති පැවතුම් මනාව නිරූපණය කරන ජාතක කතා පොතේ කවර අන්දමේ චරිතයක් වුවද සොයාගත හැකියි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ කථා චරිත හඳුන්වනු ලබන්නේ චරිත විවිධ දුටුවන්ගේ කතා නමිනි.
"සාමාන්‍යයෙන් සුචරිතය හුවාදැක්වීම දුෂ්චරිතයට නිගා
කිරීමක් දක්නට ලැබෙන නමුත් ජාතක චරිත ප්‍රායෝගික ජීවිත හා බැඳුණු ඒවා වේ. දුෂ්ටකම්
හා කුහකකම් පමණක් නොව ඇතැම්විට ගුණද විදහා දැක්වීම සදහා ජාතක කතාවලට වස්තු විෂය
වනුයේ පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරුය." යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ
මහතා පවසයි.
තමාගේ ස්වාමියා වියෝ වී අසරණ තත්ත්වයකට පත් වූ ස්ත්‍රියක ගේ චරිත
ස්වභාවය මනාව නිරූපණය කර ඇත.
9) අවස්ථා නිරූපණය
කතුවරයා චිත්‍ර ශිල්පියකු
මෙන් පාඨක සිත චිත්‍රණය කළ යුතුය. චන්ද කින්නර ජාතකය එවැනි අවස්ථා
නිරූපණය මතුවන අවස්ථාවක් මෙසේ දැක්විය හැකිය.
“අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනක ලා මේ සා
දුක්ඛයක් නිපදවන ලද පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා උදෙසා
මැරීනම් මාගේ ස්වාමි පුත්‍රයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවායි මට පැමිණී මේ ශෝකය
තගේ අඹුදරුවන්ට ද වේවයි තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති නොම තා ද තම දරුවන් ද
නොදැක නිරා වදිව යි ඇවිලී අව අවා අඩන්නට පටන් ගත්හ.”
10)බෝධිසත්ව හා දේවදත්ත චරිතය මනාව විද්‍යාමාන
කරයි.
චන්ද කින්නර ජාතකය තුළ සඳකිඳුරා බෝධිසත්වයන් ලෙස ද ඇත. බරණැස් රජ්ජුරුවෝ දේවදත්ත ලෙස ද හඳුන්වා දිය හැකිය. ජාතක කතා තුළ දුශ්චරිතය මනා ව පැහැදිලි ව වෙන් කොට දක්වා තිබේ. ජාතික වස්තූන් අතර බහුල ජීවිතයේ සුබ පක්ෂය වඩා අසුබ පක්ෂය දැක්වෙන කථා වස්තුය. මනුෂ්‍ය ජීවිතයෙහි ලෝකයෙහි තතු ඇති සැටියෙන් ම නිරූපණය කිරීම මුඛ්‍ය අදහස කොටගෙන පහළ කරන නො දැ යි කිව යුතු කතා නවීන බටහිර උසස් නවකතාකාරයන්ගේ කතා වලට ද වස්තු විෂයට හොඳටම සමානය.
11)චිත්ත රූප මැවීම ජාතකකතාකරුවා සජීවී
පැවැති නාට්‍යමය ගුණය ද මුසු කරමින් චිත්තරූප පාඨකයාට දැනවීමට උත්සාහ කර ඇත.
බරණැස් රජ්ජුරුවෝ ඒ ගායනා ශබ්දය අසා පිස්සන් නොඇසෙන සේ සෙමෙන් සෙමෙන් අවුදින් ලියකිඳුරාණාන් උන් නියාව ද නටමින් සිට කිඳුරංගනාවන් දැක පිළිබඳ වූ සිත් ඇතිව මේ කිඳුරා විද දිවි තොර කොට මෑ හා සමග වාසය කෙළෙමි නම් යහපතැයි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. ඒ ශර ප්‍රහාරයෙන් වෑහෙන්නා ලේ දියෙන් මහත් වේදනාවෙන් මඩිනා ලදුව හඩන්නේය. ..
සිංහල පන්සිය පනස් ජාතක පොත පිළිබඳ ව විද්වතුන්ගේ මත මෙසේ ඉදිරිපත්
කිරීම තුළින් ජාතක කතාවේ විශේෂතා පිළිබඳ තව තවත් අවබෝධයක් ලබාගත හැකිය.
දහම් දෙසන භික්ෂූන් වහන්සේගෙන් හැර අනෙක් උගතුන්ගෙන් මෙකල වැඩි සැලකිල්ලක් නො ලබන සිංහල ජාතක කතා සිංහල සාහිත්‍යයෙහි ශ්‍රේෂ්ඨ ගද්‍යයයි. දේශජ භාෂා රීතිය, අලංකාර නැමැති නිසරු බමුණු වදනින් දූෂණය නොකරන ලද කථා වස්තු පරණ වීමෙන් කිසිකලෙක අභාවයට නොයන මනාව චරිතාංග යන මෙතෙක් තැනක් ගන්නා ජාතක පොත.......(මාර්ටින් වික්‍රමසිංහ - ජාතක කතා විමසුම)
උපහාසය, උපදේශය, චරිත නිරූපණය, ජීවිත විවරණය, චිත්ත චෛතසික විග්‍රහය ආදී විවිධ පරමාර්ථයෙන් අනූන රචිත කතා වස්තු පන්සිය පනස් ජාතක පොතෙහි ඇත්තේ ය. මේ හැම අංශයකටම අයත් උසස් කලාත්මක ලක්ෂණ ප්‍රකට කෙරෙන කතා බොහෝමයකි. එමෙන් ම කලාත්මක බවින් තොර ඉතා දුබල තත්ත්වයේ ජාතක කතා ද ඇත්තේය. (හොරණ වජිරඤාණ හිමි - සිංහල තමා සංග්‍රහය)
No comments:
Post a Comment