ඉඩෝරය සිත් රිදුම් දෙයි
වසන්තය නෑ පේන මානෙක
ඔය දෑස් අතහැර
යන්න කීවත් මට
කියාපං මං කොහොම යන්නද
ඉඩෝරයේ නුබ තනිකර
වසන්තය යළි නාව ද
ඉන්නම් මං නුබ එක්ක
කෙදිනක හෝ වසන්තය ආ දිනක
නොකියාම අයින් වෙන්නම්
මගේ ප්‍රේමයත් සිතේ ගුලිකර
1987 ඔක්තොබර් 02 වන දින තිරගත වීම ආරම්භ කරන ලද විරාගය චිත්‍රපටය සම්භාව්‍ය චිත්‍රපටයකි. එය මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ විරාගය කෘතිය අළලා නිර්මාණය වූවකි. මෙය තිස්ස අබේසේකරයන්ගේ තිර රචනය හා අධ්‍යක්ෂණය ඔස්සේ නිර්මාණය විය. විරාගය නවකතාවේ එන චරිතවලට සජීවී බවක් ලබා දුන් චරිත ලෙස,
අරවින්ද - සනත් ගුණතිලක
සරෝජිනී - ශ්‍රියානී
අමරසේන
බතී - සබීතා පෙරේරා
සිරිදාස - ඩග්ලස් රණසිංහ
ජයසේන වෙද මහත්තයා - ජෝ අබේවික්‍රම
වෙද හාමිනේ - සෝමලතා සුබසිංහ
මේනකා -
සුනේත්‍රා සරත්චන්ද්‍ර
යනාදී නළු නිළියන් මෙම අග්‍රගණ්‍ය
නිර්මාණය සඳහා සහය දක්වන ලදී.
තිස්ස අබේසේකර අද්විතීය ලෙස තිර නාටකය සකසා කාව්‍යයක් මෙන් නිර්මාණය කිරීම හා කෘතියෙන් ලැබෙන තෘප්තිය ම සිනමා පටයෙනුත් ලබා දී ඇත. එයට කැමරා අධ්‍යක්ෂණය, සංගීතය හා වේෂ නිරූපණය විශිෂ්ට මෙහෙවරක් කර තිබුණි.
ගලා යන ආකාරය අනුව විරාගය නවකතාව හා සිනමා පටය අතර ඇති වෙනස්කම්
Ø විරාගය සිනමාපටය ආරම්භ වනුයේ සැමීගේ හා වජිරාගේ දුරකථන සංවාදයෙනි.
වජිරා යනු සරෝජිනිගේ දියණිය වේ. චිත්‍රපටයේ වජිරා පිළිබඳ දැක්වෙනුයේ එක් අවස්ථාවක්
පමණි.
“සිරිදාසත් ඔහුගේ බිරිඳත් දැන් ජීවතුන්
අතර නැත. ඔවුන්ගේ එකම දුව වූ වජිරා සිංගප්පූරුවේ ධනවත් සිංහල වෙළෙන්දෙකුගේ පුතෙකු
හා විවාහ වී එහි ගොස් පදිංචි වූවා ය.”
Ø “බිමල්” යන චරිතය කෘතියේ දක්නට
නොලැබේ.
සිනමා පටයේ වජිරා හා බිමල්,
සැමී මුණ ගැසි කෘතිය පිළිබඳ විමසීමකට ලක් කරයි. එහි දී සැමී පවසනුයේ අරවින්ද ලියූ
අත්පිටපත ඔහුට ලැබුණේ වජිරා මාර්ගයෙන් බවත් එය සංස්කරණය කර පළ කළේ වජිරා හා
සරෝජිනී විදේශ ගත වී ටික කලකට පසු ව බවත් ය.
නමුත් විරාගය කෘතියේ අන්දමට
මෙම අත්පිටපත සැමීට ලැබෙනුයේ සිරිදාසගේ නිවසේ දී ය.
විරාගය සිනමාපටයේ මෙම කතාව
පවසන්නේ වජිරාට සහ බිමල්ට ය. ඔවුන් සතු ව සංස්කරණය සහිත මුද්‍රණය කළ විරාගය කෘතිය ද
ඇත. එය කෘතියේ ඇති මෙම පාඨයෙන් ඉදිරියට ගලා යයි.
මා සමඟ එක පන්තියේ ඉගෙන ගනිමින්
එකට කෙළි සෙල්ලම් කළ විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ද මා ඇසුරු කළ සිරිදාස ජයසේන
දැකීමට......" ( කෘතියේ 1 පරිච්ඡේදයේ ආරම්භය)
Ø කෘතියේ පරිදි ම චිත්‍රපටයේ ද සැමී, සිරිදාස හා සරෝජිනී, සැමීගේ ආ ගිය තොරතුරු විමසීමක්
සිදු කරයි. සිනමාපටයේ සරෝජිනීගේ දියණියගේ දර්ශන පෙන්වන අතර කෘතීයේ එවැනි දෙයක්
සඳහන් නොවේ. මොවුන් කතා බස් කරනුයේ සැමීගේ ඉන්දියානු ගමන හා ගුප්ත විද්‍යාව පිළිබඳ
වේ. මේ අවස්ථාවේ සිනමා පටයේ එන දෙබස් කෘතියේ ද එලෙසින් ම පවති.
“මම ඉන්දියාවේ ගොස් අවුරුද්දකට වැඩි කාලයක් එහි ගත කළා.”
“එහෙනම් ඔක්කොම සිද්ධස්ථාන වඳින්න ඇති”
“ඒකට අවුරුද්දක් උවමනාය?”
Ø කෘතියේ සිරිදාස යන්ත්‍ර මන්ත්‍ර හා ගුප්ත විද්‍යාව
පිලිබඳ දැඩි විශ්වාසයක් ඇති බව කියා සිටිය ද සිනමාවේ දී ඒ බවක් ගම්‍ය නොකෙරෙයි. සැමී හා සිරිදාස අරවින්දගේ
ජීවිත කතාව ලියූ කෘතිය සොයන අවස්ථාවේ සැමී අරවින්දගේ කෘතී පෙරළා බලන ආකාරය කෘතියේ
දක්වනුයේ මෙලෙසිනි.
“ඒ කුණු ගොඩ ඇවිස්සීමට මා තුළ හට ගත්තේ මැණික් ගරන්නෙකුගේ
කුහුලත් ආසාවටත් වැඩි කුහුල් ආසාවකි.” (6 පිටුව)
මෙම සැමීගේ සිතේ පැවති ආශාව රංගනයේ දී වඩාත් වීෂද වන ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වී ඇත.
අරවින්දට ප්‍රේම කළ සරෝජිනී, අරවින්දගේ ජීවිත කතාව ලියු
කෘතිය දැකීමට හා කියවීමට ආස කළේය. කෘතිය තුළ සරෝජිනි එම කෘතිය පිළිබඳ එන හැඟීම
පාඨකයාට විෂද නොවූ ව ද සිනමාවේ දී සරෝජිනී එම අත්පිටපත ආදරයෙන් පරිමදින ආකාරය දකින
විට ප්‍රේක්ෂකයාට ඇයගේ හැඟීම් විෂද වේ.
Ø කෘතිය හා සිනමාව ගත් කළ කෘතියේ ඇති දෑ බැහැර කළ අවශ්‍ය දෑ පමණක් සිනමාවට නගා ඇති බවක්
පෙනේ.
සැමී අරවින්දගේ අත් පිටපත කියවා අවසන් කිරීමට දරන
උත්සාහය කෘතියේ ගම්‍ය වන අතර සිනමාවේ
නැත.
Ø “හොඳ වෙදෙකු ලෙස ගැමියන්ගේ ගරු බුහුමන් හා තෑගි බෝග ද ලැබු මගේ පියා ඇතැම් විට ගෙයින් පිට දී ගොළුවෙකි යි සිතන තරම් අඩු කතා ඇත්තෙකි.” මෙම පාඨය කෘතිය තුළ ද අන්තර්ගතවන අතර සිනමාවේ දී අරවින්දගේ පියා පිළිබඳ සංක්ෂිප්ත ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලැබේ.
Ø කෘතියේ තැන් දෙකක ඇති සිද්ධි එකට ගළපා එක් සිද්ධියක් ලෙස සිනමාවේ දක්වා ඇත.
1. "අරවින්ද දොස්තර විභාගේ සඳහා ඉගෙන ගන්න ඕනෑ" (31)
"ගෙම්බන් කපන්නටත් මළ කඳන් කපන්නටත් බැරිය" (16)
"කසාද බැදලා ගෑනුත් බදාගෙන ඉඹින්න හොඳයි මළකඳන් අතගාන්න තමයි බැරි"(16)
2. "දොස්තර විභාගේ ගන්න ගියේ සිනීයර් පාස් කරලා තවත් අවුරුදු 6ක් ඉගෙන ගන්න ඕනෑ" (31)
"වියදම් කරනෙක මගේ වැඩක්" (31)
ඉහත අවස්ථා දෙකෙහි ම කතා කරනුයේ අරවින්දගේ දොස්තර විභාගය
ගැන කියවේ. එම නිසා සිනමාවේ, එම අවස්ථා 02න් ගත් පාඨ එකතු කර එක සිද්ධියක් ගොඩ නගා
ඇත.
Ø සිනමාවේ සිද්ධි පෙළගස්වා ඇත්තේ කෘතියේ පිළිවෙළට නො ව එය
යම් යම් වෙනස්වීම්වලට ලක් කර ඇත.
සැමී, අරවින්දගේ මරණය පිළිබඳ කෘතියේ අසනුයේ අරවින්දගේ
අත් පිටපත හමුවීමටත් ප්‍රථම ය. නමුත් සිනමාවේ දී එය අසනුයේ සැමී, අරවින්ද පිළිබඳ
කතා කරන අවස්ථාවේ දී ය.
Ø කෑම මේසයේ අරවින්ද පිළිබඳ සරෝජිනී, සිරිදාස හා බතී කතා
බස් කරන විට සරෝජීනිට අතීත සිදුවීම් සිහිවන අවස්ථාවක් ලෙස කැරෝල් පෙරහැර දා රාත්‍රියහි
සිදුවන සිදුවීම් කිහිපයක් සිහියට නැගෙයි. ඒ අවස්ථාවේ සිනමාපටයේ වෙසක් පහනක් ගිනිගෙන
දැවෙන අවස්ථාවක් දර්ශනය වුව ද, කෘතියේ එවැනි අවස්ථාවක් නැත.
Ø විරාගය චිත්‍රපටයේ අරවින්දගේ පියා අසනීප වූ මොහොතේ
ඔරලෝසුවේ කටුව ඉක්මනින් කැරකෙන ශබ්දය පසුබිමින් ප්‍රේක්ෂකයාට ඇසීමට සලස්වයි. එම
අවස්ථාව කෘතියේ දක්වනුයේ මෙලෙසිනි.
“බිත්ති මුල්ලෙහි කුඩා මේසය උඩ වු ඔරලෝසුව ටීක් ටීක් හඬ නගයි."
Ø අරවින්ද බලාපොරොත්තු ව සිටි පියාගේ මරණය සිනමාවට ගෙන ඒමේ
දී එය ප්‍රේක්ෂකයාට වඩාත් දැනෙන පරිදි ගෙන ඒමට සිනමාකරු සමත් වී ඇත. මවගේ හා
මේනකාගේ ලතෝනිය සමඟ ඇහැරෙන අරවින්ද සිදු කරනුයේ චිමිනි ලාම්පුවේ දැල්ල නිවා දැමීමයි.
එය කෘතියේ දක්නට නොලැබෙන ප්‍රබල සංකේතයකි.
Ø සරෝජිනීට යැවූ පිළිතුරු ලියුමෙන් පසු ව සරෝජිනී හා
සිරිදාස විවාහ විය. කෘතියේ ලෙසට සිරිදාස මේනකාට කියා සිටිනුයේ කාටවත් ආදරය
කරන්නටවත් ඊරිසියා කරන්නටවත් අරවින්දට පුළුවන් කමක් නැහැ ලෙසිනි. ඉන්පසු මේනකා පැවසුයේ
"ඊරිසියා කරන්න බැරි මිනිහෙක් ආලය කරන්නේ කොහොමද?" යනුවෙනි. මෙම පාඨය
කෘතියේ පැවතිය ද සිනමාවට නැගිමේ දී එම දෙබස නොමැති වීම හිස් බවක් සේ දැනෙයි.
Ø අරවින්දගේ කුඩා විද්‍යාගාරය පිපිරීමෙන් පසු ඔහුගේ
ඇඟිල්ලට තුවාල සිදු විය. එහි දී සිනමාපටයේ "මාමාගේ අත තුවාල වෙලා නේද?"
සිරිදාස ඇසුව ද, කෘතියේ එවැන්නක් සඳහන් නොවේ. ඉන් සිනමා පටය තුළ, අරවින්දගේ හා
සිරිදාසගේ බැඳීම මනා ව විදහා පෙනෙයි.
Ø අරවින්දගේ විද්‍යාගාරය පිපිරීමෙන් පසු ව ඔහුට නව නිවසකට
යාමට සිදු වේ. එම නිවසේ ආහාර අනුභව කරමින් බතීගේ නම, වයස ආදිය ප්‍රශ්න කරයි. එම
කොටස කෘතියේ ඇතුළත් නොවේ.
Ø සිනමා පටයේ බතීගේ වයස අවුරුදු 10ක් ලෙස පැවසුවත් කෘතියේ බතීගේ වයස දැක්වෙන්නේ අවුරුදු 08ක් ලෙස ය.
"අට හැවිරිදි දුවක ඇති මැදි වියෙහි වූ ගුණවතී මගේ ගෙදර වැඩ පල කරයි."(118)
Ø කෘතියේ "කුලසූරිය කුහකයෙක් නෙවි නම් ඒ මිනිහා
කාලකණ්ණියෙක්. කුලසූරිය වගේ දැන් උඹටත් අදින්න ඕනෑ නෑ. ඒ මිනිහා හොඳට කනවා. උඹට
කන්න ඕනත් නෑ. නුඹ වැඩකාර ගෑනිගේ දුව හොඳට අන්දලා..."(133) වැනි දෙබස් මෙන් ම
අරවින්ද ඊට දක්වන ප්‍රතිචාරය ඇතුළත් දෙබස් සිනමාවේ මඟ හැරී තිබේ.
Ø බතී කවියක් ලියා අරවින්දට අසුවීමට තබන අවස්ථාවේ ඒ
කවියෙහි පද පේළි සිනමා පටයේ ගායනා කොට පෙන්වූව ද කෘතියේ ඒ පද පේළි සඳහන් නොවේ.
Ø "බතී කවි හදන්නට ඉගෙන ගත්තේ කොහොමද?"යි මම ප්‍රශ්න
කළෙමි. යනුවෙන් කෘතියේ සඳහන් වුව ද, සිනමා පටයේ එම දෙබස ඉතා කෝපයෙන් ඇසූවක් ලෙස
දක්වා ඇත.
මේනකා, බතී පුරුෂයෙකුට ලියූ ලිපියක් අරවින්දට ගෙනවිත් දෙයි. ඒ පිළිබඳ ව අරවින්ද බතීගෙන් විමසූ විට දී, අරවින්ද බතීට කෝටුවකින් පහර දෙන බව කෘතියේ දක්වා තිබුණ ද, සිනමා පටයේ එය දක්වා ඇත්තේ කම්මුලට අතින් පහර දෙන ආකාරයකි.
Ø සරෝජිනි එවූ ලියුම් අරවින්ද නියවන අවස්ථාවෙහි, එහි තිබූ
දේ පිළිබඳ ව කෘතියේ සඳහන් නොවූව ද, සිනමා පටයේ එය මනා ව දක්වා තිබේ.
Ø අරවින්ද, බතීගේ විවාහ මංගල්‍යයට මේනකාට ආරාධනා කළ
අවස්ථාවෙහි ඇය අරවින්දටත්, බතීටත් පරුෂ වචනයෙන් බැන වදින ආකාරය සිනමා පටයේ සඳහන්
වේ. කෘතියේ එතරම් රළු වදන් දක්වා නැත. කෘතියේ,
"මට කච්චේරියට එන්න බැහැ අරවින්ද" කියමින්
අක්කා යළිත් මා පුටුවෙහි වාඩි කරවීමට වෑයම් කළාය. ඉඳපං බත් කාලා යන්න. ධර්මදාස
නැතු ව මම විතරක් බතී එක්ක කච්චේරියට යන්නේ කොහොමද?..."
Ø සිනමා පටයේ බතීගේ විවාහයෙන් පසු ව අරවින්ද අසනීප වී
සිටින බව පෙන්නුවත්, කෘතියේ එය සඳහන් වන්නේ පසුව ය.
Ø බතී අරවින්දට උපස්ථාන කරන විට, අරවින්දගේ සිතෙහි හැඟීම්
කෘතියේ දීර්ඝ ව දැක්වූවත්, සිනමාවේ එය ඉතා කෙටියෙන් දක්වා තිබේ.
Ø සිනමා පටය අවසන් වන්නේ සරෝජිනී හා සැමීගේ සංවාදයෙනි. ඒ අරවින්දගේ මරණය පිළිබඳ ව ය. නමුත් කෘතිය අවසන් වන්නේ අරවින්දගේ හැඟීම් තුළිනි.
එක හාල් ඇටයක්
පුතුට පමණක් පිසේ
එකම එක බත් කටක්
වහලේ ටකරං සිදුරු අතරින්
වැටෙයි මහ වැහි බිංදු
තුන් මසක පඩිය එක්කොට
ඉල්ලා තව මසක් ණයට
ගෙනත් දුනි ලොකු ටෙලිෆෝනයක්
පුතුට අකුරු කරවන්නට
ගිනි ගහන අවුවට ද
පෙඟී දැවී යන මිනිසුනේ
ඇඟිලි තුඩු පිපිරුව ද
ලේ පෙරී වැගිරුණ ද
සොච්චමක් ගුලි කරන්
සිනාසෙන මිනිසුනේ
නුබේ දහඩිය කඳුලු
සතයකට අලෙවි වන
අතරමැදි වෙළඳුන්ට
සැප මාළිඟා දෙන
දිවා රෑ වෙහෙසෙමින්
එකම පැතුමක් දරන්
රැක බලන් දෑස මෙන්
දන් දෙන්න දියණියක්
වෙන්නට මතු බුදුන්
විවරණ දුන් පියා
රහසේම පිස දමයි
වැටෙන උණු කඳූළු බිඳු
මතක් වන වාරයම
මිතුරාය ඔබ මගේ
මේ පොළෝ තලය මත
අහම්බෙන් මුණ ගැසුණු
මිනිස් ගුණ ඉක්මවා
සැබෑ ආදරය දුන්වචන කළ නොහැකි වූ
සෙනෙහසක් හිතට දී
මේ තරම් ඉක්මනින්
හැර ගියේ කෙලෙසින් ද
පුංචි රන් තාරකා
සිනාසෙන අපූරුව
බබළමින් අහස් කුස
නිල් වර්ණ පොරවගෙන
වළාකුළු සඟවමින්
රෑ අහස් තලය දෙස
බලා හිඳින අපූරුව
කවියේ ප්‍රභවය හෙවත් උපත පිළිබඳ ව නිශ්චිත මතයක් ඉදිරිපත් වී නැත. ඒ අරභයා විවිධ මතවාද පළ වී තිබේ. මෙසේ විවිධ මත ඉදිරිපත් වී තිබුණ ද කවියේ ප්‍රභවය පිළිබඳ ව නිශ්චිතව ම කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.
1. කවිය මිනිසාගේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ බද්ධ වී ඉපදුණි.
2. සමාජ පරිණාමයට සමඟ සමාන්තර ව කාව්‍ය ආකෘති හා අදහස් වැඩුණි.
3. මිනිසා තම අද්දැකීම් සන්නිවේදනය තුළින් නොනැවතී තම භාවාත්මක ලෝකය, ආස්වාදය, සෞන්දර්ය පිළිබඳ ව අවශ්‍යතාවෙන් පෙළීම කවියේ උපතට හේතු විය.
සෑම කලාවක් මෙන් ම කවිය ද පොදු ජනයා අතර ඉපදී වැඩුණි. පසු ව එය විශේෂ පුහුණුවක් ලත් කවි නැතිනම් පඬි පිරිස අතරට පත් වූ බව පෙනේ.
පැරණි ග්‍රීසියේ විසූ විශිෂ්ටත ම පඬ්වරයෙකු වන ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රීය නම් විචාර කෘතිය ලියමින් කාව්‍යමය (සත්‍ය) නම් සංකල්පයක් පිළිබඳ ව සඳහන් කරයි.
භරතමුනි ද නාට්‍ය ශාස්ත්‍රයේ කවි රස විදීම පිළිබඳ ව සඳහන් කරයි.
සෑම රටක ම ආදිත ම කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසය, වීරයන් හා ආගමික දේවල් සමඟ බැඳී පවතී. රිද්මය, තාලය ආදිය බහුතර මිනිසුන්ගේ කන පින වූ නිසා ආගම, නීතිය, විවිධ දේශපාලන අදහස් ව්‍යාප්ත කිරීම සඳහා කවිය උපයෝගි කර බව පෙනෙයි.
පසුකාලීන කවිය විදග්ධ කවි හා ජනකවි ලෙස සම්ප්‍රදාය දෙකකට බෙදී ගිය බව පෙනෙයි.
එහෙත් වරින් වර මේ සම්ප්‍රදායන් දෙක අතර මිශ්‍ර වීම හට ගත්තේ ය.
- වචන
- සංකල්පය
- විරිත්
ආදිය මෙසේ මිශ්‍ර විය.
සමාජය සමඟ සංස්කෘතිය ද, සංස්කෘතිය සමඟ භාෂාව ද, ඒ සමඟ කවිය ද වෙනස් විය. ඒ ඒ යුගවල සමාජයෙත්, සංස්කෘතියේත්, භාෂාවේත් ඇති වූ වෙනස කවියේ ද පිළිබිඹු වන්නේ මේ නිසා ය.
එක් එක් ජාතීන්ට අයත් කාව්‍ය සම්ප්‍රදායන් තිබෙන බව සත්‍යයකි. එහෙත් කවිය සමස්ත ලෝකයට ම පොදු දෙයකි.
සෙසු සියලු ජාතීන්ගේ කවිවල මෙන් ම සිංහල කවිය ද නිශ්චිතව ම මේ වර්ෂයේ මේ දිනයේ ඇරඹුණේ යැයි කිව නොහැකිය. එහෙත් දැනට හමු වී තිබෙන පැරණිත ම කවිවල භාෂාව හා ඒවායේ මූලාශ්‍රය පිළිබඳ අවධානය යොමු කරන සාහිත්‍ය ඉතිහාසඥයෝ සිංහල කවියේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ ව මත වාද පළ කරති.
පොදුවේ පිළිගැනෙන පරිදි ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රි. පූ. 5 වන සියවසෙනි. ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්‍ය භාෂාවන් කතා කරන කණ්ඩායම් ජනවාස බිහි කිරීම මෙම යුගයේ දී සිදු විය.
දැනට ශේෂ ව පවතින පැරණිත ම ශිලා ලේඛන හමු වන්නේ ක්‍රි.පූ 3 වන සියවසේ අපර භාගයේ සිට ය. ඒවා ඉතා කෙටි ගී කිහිපයකි.
"මහරඣහ ගමණි
අබයහ
දෙවන පියශ
රමණී බරිය මිලක තිශ
විහාරේ කාරිතෙ කතිය"
ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ ආදිත ම ශිලා ලේඛනවල පවා කාව්‍යමය ගුණය, කාව්‍යමය ලක්ෂණ දක්නට ඇති බවයි. එනම් තාල, විරිත් ආදියෙන් යුක්ත වන බවයි.(සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය - නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි)
එනමුත් දැනට අප දකින ප්‍රථම සිංහල කවි පොත සියබස්ලකරයි. මෙය 807-823 කාලය තුළ ලියූවක් යැයි සැලකෙයි. සියබස්ලකර යනු සිංහල භාෂාවේ අලංකාර පිළිබඳ ව විස්තර කරන කෘතියකි.
මේ කාලය වන විටත් කවි ලිවීම හා රසවින්දනය විශාල වශයෙන් පැවති බව මෙබඳු පොතක් ලියවීමෙන් පෙනෙයි.
සාමාන්‍ය වාග්විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය හා අර්ථය වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයන කුල පවතී. මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් ලෙස,
1. ශබ්ද ක්‍රම හා සාරාංශ ශබ්ද ඒකක අධ්‍යයනය කරන ශබ්ද විද්‍යාව
2. කථන ශබ්දයන්හි අඩංගු මූලික ලක්ෂණ
3. භාෂා නොවන ශබ්දයන් හා ඒවා ඒවා නිපැයෙන්නේ හා තේරුම් ගන්නේ කෙසේද යන්න කෙසේද යන්න පිළිබඳ ව අධ්‍යනය කරයි.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ "භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කෘතියෙහි මෙසේ දක්වා තිබේ.
"භාෂාව වාග්විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳ ව හෝ භාෂා කිහිපයක් පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයයි."
වාග්විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. සංස්කෘත පද සාධන නීති අනුව මෙහි වාච් යන්න වාක් වන අතර, ඝෝෂාදේෂ සන්ධියෙන් වාක් - වාග් බවට පත් වී ඇති බව විචාරක මතයයි. වචනය හෙවත් භාෂණය පිළිබඳ ව විද්‍යාව යනු එහි වාච්‍යාර්ථයයි.භාෂා යන්න බොහෝ දුරට වාච්/වාක් යන්නට සමානාර්ථවත් පදයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජනවහරෙහි මෙන් ම සේ වහරෙහි යෙදෙන අවස්ථා දක්නට ලැබේ.
භාෂා යන්නත් වාග් යන්නත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේ දී පළමු කොට ම එම අධ්‍යනයෙහිලා භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳ ව අර්ථ නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
භාෂා යන්න භෂ් ධාතුවෙන් උපන් කෘදන්ත නාමයකි.
වාග්විද්‍යාවේ නිතර යෙදෙන වාග්/වාක් වචන ආදී කෘදන්ත නාමයන්ට මුල් වූ වච් ධාතුව ද ව්‍යක්ත වචන අර්ථයෙහි යෙදෙන්නකි. වාක්/වාග් යන්න බොහෝ දුරට භාෂා යන්න සමාන සේ සලකන්නේ එහෙයිනි.
වාග්විද්‍යාවේ දී භාෂා යන්න ඉංග්‍රීසියෙන් language යන වචනය සමඟ ද, භාෂණ යන්න speech යන වචනය සමඟ ද බොහෝ දුරට සමාන බව සැලකෙයි.
අරුත් ලෙස මේ දෙකෙහි පවතින වෙනස්කම් වාග් විද්‍යාඥයන් විසින් වැදගත් කොට සලකන්නට පටන් ගත්තේ 18 -20 සියවස්වල විශේෂ අවධානයක් යොමු වූ ඓතිහාසික තුලනාත්මක වාග්විද්‍යා අවස්ථාව ඉක්මවා, භාෂා අධ්‍යයනය නූතන වාග්විද්‍යා අවස්ථාවට එළඹීමත් සමඟය.
20 වන සියවසේ පළමු දශකයේ දී ෆර්දිනන්ද් දී සොයුස්‍යෝ නම් වාග් විද්‍යාඥයා විසින් ජිනීවා විශ්වවිද්‍යාලයේ දී සාමාන්‍ය වාග්විද්‍යාව පිළිබඳ ව පාඨාවලීයක් නමින් ප්‍රංශ භාෂාවෙන් පාඨමාලාවක් පැවැත් වීය.
එහිදී භාෂාව හා සම්බන්ධ වූ සුවිශේෂී අවස්ථා තුනක් කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමු විය.
1. La language - භාෂාව
2. Le language - අරුත
3. La parole - භාෂණය
යන ප්‍රංශ භාෂා නම් වලිනි.
ඔහුගේ විවරණයට අනුව මින් පළමුවැන්න සමාජයට අයත් සමාජ සංසිද්ධියකි. දෙවැන්න පුද්ගලයාට අයත් වූ පෞද්ගලික කාර්‍යකි.
වාග්විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිර්වචන කිහිපයක් මෙසේ ය.
"ශාස්ත්‍රීය විෂයයන් අතරින් වාග්විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි." ( රස් රයිමර්)
19 වන සියවසේ අග භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. සිංහලයට වාග්විද්‍යාව හඳුන්වා දීමේ ගෞරවය මහාචාර්ය සුගතපාල සිල්වාට හිමිවේ. ඔහුට අනුව වාග්විද්‍යාව යනු, "භාෂාවේ පැවැත්ම පරීක්ෂා කරන විද්‍යාවයි."
නුබට නැත පිපෙන්නට
ඉඩක් ස්ථිර බිමක
කොතන පැල කෙරූව ද
පිපියන් සුදුම සුදුවට
ලොව ම සුවඳ කරවන
මල් කළඹක් ලෙසට
ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...