පුංචි රන් තාරකා
සිනාසෙන අපූරුව
බබළමින් අහස් කුස
නිල් වර්ණ පොරවගෙන
වළාකුළු සඟවමින්
රෑ අහස් තලය දෙස
බලා හිඳින අපූරුව
පුංචි රන් තාරකා
සිනාසෙන අපූරුව
බබළමින් අහස් කුස
නිල් වර්ණ පොරවගෙන
වළාකුළු සඟවමින්
රෑ අහස් තලය දෙස
බලා හිඳින අපූරුව
කවියේ ප්‍රභවය හෙවත් උපත පිළිබඳ ව නිශ්චිත මතයක් ඉදිරිපත් වී නැත. ඒ අරභයා විවිධ මතවාද පළ වී තිබේ. මෙසේ විවිධ මත ඉදිරිපත් වී තිබුණ ද කවියේ ප්‍රභවය පිළිබඳ ව නිශ්චිතව ම කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.
1. කවිය මිනිසාගේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ බද්ධ වී ඉපදුණි.
2. සමාජ පරිණාමයට සමඟ සමාන්තර ව කාව්‍ය ආකෘති හා අදහස් වැඩුණි.
3. මිනිසා තම අද්දැකීම් සන්නිවේදනය තුළින් නොනැවතී තම භාවාත්මක ලෝකය, ආස්වාදය, සෞන්දර්ය පිළිබඳ ව අවශ්‍යතාවෙන් පෙළීම කවියේ උපතට හේතු විය.
සෑම කලාවක් මෙන් ම කවිය ද පොදු ජනයා අතර ඉපදී වැඩුණි. පසු ව එය විශේෂ පුහුණුවක් ලත් කවි නැතිනම් පඬි පිරිස අතරට පත් වූ බව පෙනේ.
පැරණි ග්‍රීසියේ විසූ විශිෂ්ටත ම පඬ්වරයෙකු වන ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රීය නම් විචාර කෘතිය ලියමින් කාව්‍යමය (සත්‍ය) නම් සංකල්පයක් පිළිබඳ ව සඳහන් කරයි.
භරතමුනි ද නාට්‍ය ශාස්ත්‍රයේ කවි රස විදීම පිළිබඳ ව සඳහන් කරයි.
සෑම රටක ම ආදිත ම කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසය, වීරයන් හා ආගමික දේවල් සමඟ බැඳී පවතී. රිද්මය, තාලය ආදිය බහුතර මිනිසුන්ගේ කන පින වූ නිසා ආගම, නීතිය, විවිධ දේශපාලන අදහස් ව්‍යාප්ත කිරීම සඳහා කවිය උපයෝගි කර බව පෙනෙයි.
පසුකාලීන කවිය විදග්ධ කවි හා ජනකවි ලෙස සම්ප්‍රදාය දෙකකට බෙදී ගිය බව පෙනෙයි.
එහෙත් වරින් වර මේ සම්ප්‍රදායන් දෙක අතර මිශ්‍ර වීම හට ගත්තේ ය.
- වචන
- සංකල්පය
- විරිත්
ආදිය මෙසේ මිශ්‍ර විය.
සමාජය සමඟ සංස්කෘතිය ද, සංස්කෘතිය සමඟ භාෂාව ද, ඒ සමඟ කවිය ද වෙනස් විය. ඒ ඒ යුගවල සමාජයෙත්, සංස්කෘතියේත්, භාෂාවේත් ඇති වූ වෙනස කවියේ ද පිළිබිඹු වන්නේ මේ නිසා ය.
එක් එක් ජාතීන්ට අයත් කාව්‍ය සම්ප්‍රදායන් තිබෙන බව සත්‍යයකි. එහෙත් කවිය සමස්ත ලෝකයට ම පොදු දෙයකි.
සෙසු සියලු ජාතීන්ගේ කවිවල මෙන් ම සිංහල කවිය ද නිශ්චිතව ම මේ වර්ෂයේ මේ දිනයේ ඇරඹුණේ යැයි කිව නොහැකිය. එහෙත් දැනට හමු වී තිබෙන පැරණිත ම කවිවල භාෂාව හා ඒවායේ මූලාශ්‍රය පිළිබඳ අවධානය යොමු කරන සාහිත්‍ය ඉතිහාසඥයෝ සිංහල කවියේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ ව මත වාද පළ කරති.
පොදුවේ පිළිගැනෙන පරිදි ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රි. පූ. 5 වන සියවසෙනි. ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්‍ය භාෂාවන් කතා කරන කණ්ඩායම් ජනවාස බිහි කිරීම මෙම යුගයේ දී සිදු විය.
දැනට ශේෂ ව පවතින පැරණිත ම ශිලා ලේඛන හමු වන්නේ ක්‍රි.පූ 3 වන සියවසේ අපර භාගයේ සිට ය. ඒවා ඉතා කෙටි ගී කිහිපයකි.
"මහරඣහ ගමණි
අබයහ
දෙවන පියශ
රමණී බරිය මිලක තිශ
විහාරේ කාරිතෙ කතිය"
ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ ආදිත ම ශිලා ලේඛනවල පවා කාව්‍යමය ගුණය, කාව්‍යමය ලක්ෂණ දක්නට ඇති බවයි. එනම් තාල, විරිත් ආදියෙන් යුක්ත වන බවයි.(සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය - නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි)
එනමුත් දැනට අප දකින ප්‍රථම සිංහල කවි පොත සියබස්ලකරයි. මෙය 807-823 කාලය තුළ ලියූවක් යැයි සැලකෙයි. සියබස්ලකර යනු සිංහල භාෂාවේ අලංකාර පිළිබඳ ව විස්තර කරන කෘතියකි.
මේ කාලය වන විටත් කවි ලිවීම හා රසවින්දනය විශාල වශයෙන් පැවති බව මෙබඳු පොතක් ලියවීමෙන් පෙනෙයි.
සාමාන්‍ය වාග්විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය හා අර්ථය වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයන කුල පවතී. මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් ලෙස,
1. ශබ්ද ක්‍රම හා සාරාංශ ශබ්ද ඒකක අධ්‍යයනය කරන ශබ්ද විද්‍යාව
2. කථන ශබ්දයන්හි අඩංගු මූලික ලක්ෂණ
3. භාෂා නොවන ශබ්දයන් හා ඒවා ඒවා නිපැයෙන්නේ හා තේරුම් ගන්නේ කෙසේද යන්න කෙසේද යන්න පිළිබඳ ව අධ්‍යනය කරයි.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ "භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කෘතියෙහි මෙසේ දක්වා තිබේ.
"භාෂාව වාග්විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳ ව හෝ භාෂා කිහිපයක් පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයයි."
වාග්විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. සංස්කෘත පද සාධන නීති අනුව මෙහි වාච් යන්න වාක් වන අතර, ඝෝෂාදේෂ සන්ධියෙන් වාක් - වාග් බවට පත් වී ඇති බව විචාරක මතයයි. වචනය හෙවත් භාෂණය පිළිබඳ ව විද්‍යාව යනු එහි වාච්‍යාර්ථයයි.භාෂා යන්න බොහෝ දුරට වාච්/වාක් යන්නට සමානාර්ථවත් පදයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජනවහරෙහි මෙන් ම සේ වහරෙහි යෙදෙන අවස්ථා දක්නට ලැබේ.
භාෂා යන්නත් වාග් යන්නත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේ දී පළමු කොට ම එම අධ්‍යනයෙහිලා භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳ ව අර්ථ නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
භාෂා යන්න භෂ් ධාතුවෙන් උපන් කෘදන්ත නාමයකි.
වාග්විද්‍යාවේ නිතර යෙදෙන වාග්/වාක් වචන ආදී කෘදන්ත නාමයන්ට මුල් වූ වච් ධාතුව ද ව්‍යක්ත වචන අර්ථයෙහි යෙදෙන්නකි. වාක්/වාග් යන්න බොහෝ දුරට භාෂා යන්න සමාන සේ සලකන්නේ එහෙයිනි.
වාග්විද්‍යාවේ දී භාෂා යන්න ඉංග්‍රීසියෙන් language යන වචනය සමඟ ද, භාෂණ යන්න speech යන වචනය සමඟ ද බොහෝ දුරට සමාන බව සැලකෙයි.
අරුත් ලෙස මේ දෙකෙහි පවතින වෙනස්කම් වාග් විද්‍යාඥයන් විසින් වැදගත් කොට සලකන්නට පටන් ගත්තේ 18 -20 සියවස්වල විශේෂ අවධානයක් යොමු වූ ඓතිහාසික තුලනාත්මක වාග්විද්‍යා අවස්ථාව ඉක්මවා, භාෂා අධ්‍යයනය නූතන වාග්විද්‍යා අවස්ථාවට එළඹීමත් සමඟය.
20 වන සියවසේ පළමු දශකයේ දී ෆර්දිනන්ද් දී සොයුස්‍යෝ නම් වාග් විද්‍යාඥයා විසින් ජිනීවා විශ්වවිද්‍යාලයේ දී සාමාන්‍ය වාග්විද්‍යාව පිළිබඳ ව පාඨාවලීයක් නමින් ප්‍රංශ භාෂාවෙන් පාඨමාලාවක් පැවැත් වීය.
එහිදී භාෂාව හා සම්බන්ධ වූ සුවිශේෂී අවස්ථා තුනක් කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමු විය.
1. La language - භාෂාව
2. Le language - අරුත
3. La parole - භාෂණය
යන ප්‍රංශ භාෂා නම් වලිනි.
ඔහුගේ විවරණයට අනුව මින් පළමුවැන්න සමාජයට අයත් සමාජ සංසිද්ධියකි. දෙවැන්න පුද්ගලයාට අයත් වූ පෞද්ගලික කාර්‍යකි.
වාග්විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිර්වචන කිහිපයක් මෙසේ ය.
"ශාස්ත්‍රීය විෂයයන් අතරින් වාග්විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි." ( රස් රයිමර්)
19 වන සියවසේ අග භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. සිංහලයට වාග්විද්‍යාව හඳුන්වා දීමේ ගෞරවය මහාචාර්ය සුගතපාල සිල්වාට හිමිවේ. ඔහුට අනුව වාග්විද්‍යාව යනු, "භාෂාවේ පැවැත්ම පරීක්ෂා කරන විද්‍යාවයි."
නුබට නැත පිපෙන්නට
ඉඩක් ස්ථිර බිමක
කොතන පැල කෙරූව ද
පිපියන් සුදුම සුදුවට
ලොව ම සුවඳ කරවන
මල් කළඹක් ලෙසට
මව්පිය දෙපළත් සමඟ ම මධු රජ දුව වන ගත වී
කළිඟු කුමර දකින විටදී මදු කුමරිය ගසකට වී
කුමරුගෙ සිත ඇදී ගියා මෑ නම් දෙව්දුවක් ම වී
I Wandered lonely as a cloud
That Flots on high o'er vales and hills,
When all at once, I saw a crowd
A host, of golden daffodils;
Beside the lake, beneath the trees
Fluttering and dancing in the breeze..
ඉබාගාතේ සැරි සරමි මම
පාවෙන වළාවක් ලෙසට
අර පේන කඳු මතින්
දුටිමි රන්වන් පාට ගැන් වූ
ඩැෆෝඩිෆ් මල් කොමළියන්
විල් අසල තුරු අසල
සුළං පොදි අතර නටමින්
පියාඹන අපූරුව
His
house is in the village through
He will not see me stopping here
To
which his woods fill up with snow
My
little house must think it queer
To
stop without a farm house near
Between
the woods and frozen lake
The
darkest evening of year
He
gives his harness bells a shake
To
ask if there is some mistake
The
only other sounds the sweep
Of
easy wind and dawning flake
The
woods are lovely, dark and deep
But
I have promises to keep
And
miles to go before I sleep
And
miles to go before I sleep
හිම වැටෙන සන්ද්‍යාවක වනපෙතක නැවතීම
මම සිතමි මම දනිමි මේ වනපෙත් කාගේ ද
නිසැකය ඔහු මේ ගම්දොර
වැසියෙකි
නොදකීවි ඔහු මගේ මෙහි
පැමිණ නැවතීම
හිමවලින් වැසී ගිය වනපෙත
දැකීමට
මගෙ කුඩා නිවස දෙස
පුදුමයෙන් සිතන්නට
නැවතීමකින් තොර ගොවිපළක්
අසලට
සීත වුණු විල් හා වනපෙත්
අතරමැද
වසරේ අඳුරුතම ගෙවී යන
සන්ද්‍යාව
ඔහු දුන්න මිහිරිතම සීනු
හඞ නාදවෙයි
නන්විධි වරදක් සිදු වී ද
විමසන්න
මිහිරි වූ සුළං වැල්
අනෙක් නඳ විද ගන්න
වනපෙතින් හමායන මඳ වූ සුළං
පොදි
වනපෙත් සොදුරුයි අඳුරුයි
ගැඹුරුයි
එනමුත් කළ යුතු දේවල්
බොහොමයි
නින්දට පෙර මා යා යුතු
දුර තිබෙයි
නින්දට පෙර මා යා යුතු
දුර තිබෙයි
පටන් ගත් ටියුට් කියවා නිමක් නැත
නිමා වෙන තැනක් ළඟ පාතක ද නැත
තවත් දහස් වැඩ ගොන්නක් ලියා ඇත
කරන්නෙ කොහොම තනි මම පමණි වැඩ
දවස් හතම දේශන නම් නිමා නැත
අරක කොහෙද මේ කෝකද නිනව් නැත
බිත්ති හතරකට පමණක් මැදි ව ඇත
කොවිඩ් ඇවිත් කනපිට පෙරලුවා අප
යහළු යෙහෙළියන් උන්නද මළා නැත
සොයන්නට වෙලාවක් උන් හට ද නැත
තරහ නොවනු මිතුරනි සිත සිටී නුඹ
මතකද එදා නිම කළ හැටි මෙවන් වැඩ
උස බූට් නැතුවාට
හයියෙන් ඇවිදින්න
අප්පච්චි කැමතිම
මේ රබර් ජෝඩුවට
ගල් වැලි පෑගෙන්නෙ
රබර් ජෝඩුවට මිස
උස බූට් කොහෙන්ද
තාත්තට ඇවිදින්න
ලස්සන ජෝඩුවක්
මට අරන් දුන්නාට
කිව්වෙ ඔහු හැමදාම
මං ආස මේකට
1982දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ අගනා කෘතියක්
ලෙස සියක් වසක හුදෙකලාව කෘතිය සම්මානයෙන්
පිදුම් ලැබී ය.
ගාර්ෂියා
මාර්කේස්ගේ
සියලු කෘති අතුරින් One Hundred Years of Solitude (සියක් වසක හුදකලාව) නවකතාව වඩාත්
සිත්ගන්නා සුලු හා වඩාත් ම සංකීර්ණ ය. එය ඔහුගේ වාණිජමය වශයෙන් වඩාත්
ම
සාර්ථක නවකතාව බවට පත් විය. One Hundred Years of Solitude ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ විශිෂ්ටත
ම
කෘතිය වූ අතර එම නවකතාවට සඳහා පුලිට්සර් ත්‍යාගය පිරිනමන ලදී.
මෙම කෘතිය තුළින් මායා යථාර්ථවාදී රීතිය නොහොත්
ඉන්ද්‍ර ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත විය.මාර්කේස්ගේමෙම කෘතිය තුළ සෑම පිටුවකින්
ම magic realism ශෛලිය
නැතිනම් මායා යථාර්ථවාදය සඳහා උදාහරණ සොයා ගත හැකිය.
මායා යථාර්ථවාදය නැමැති සංකල්පය කරළියට ආවේ
රෝමාන්තිකවාදයට එරෙහි ව නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ වුව ද මෙම මායා
යථාර්ථවාදී ශෛලිය නිසා කිසිසේත් ම යථාර්ථවාදය ඛණ්ඩනය වූයේ නැත. පවතින සත්‍යය,
යථාර්ථය වෙනත් සන්දර්භයක් යටතේ විශ්ලේෂණය කිරීම මායා යථාර්ථවාදයෙන් සිදු විය.
මේ ශෛලියට ලියැවුණු වෙනත් කෘති ලෙස මාර්කේස්ගේ
“කොලරා කාලේ ආලේ”,
කෆ්කාගේ
“ඇමරිකා, නඩු විභාගය, බලකොටු මාලිගාව” වැනි බොහෝ කෘතීන්
මෙන්
ම
සිංහල කතා කලාවේ මොහාන් රාජ් මඩවලගේ “මාගම් සෝලිය,
ලොවීනා” හා සයිමන් නවගත්තේගමගේ “සංසාරයේ දඩයක්කාරයා” වැනි කෘති තුළ ද මෙම ශෛලිය ඉස්මතු වී
පෙනෙයි.
සියක් වසක හුදෙකලාව කෘතිය තුළ මාර්කේස්
ඇමරිකානු මහද්වීපයට ම ආවේණික ස්වභාවිකත්වය, ජන කතා, විහිලු, පුරාණෝක්ති යන සියල්ල
එකට කැටි කරගත් දැවැන්ත රූපමය ගොඩනැංවීමක් සිදු කර තිබේ යැයි සිතමි. කෘතිය මදක්
කියවාගෙන යාමේදී අප ජීවත්වන සැබෑ ලෝකයෙන් වෙනස් ස්වභාවයක් හැඟේ. මාර්කේස්ගේ මෙම
වෙනසට හේතු වූ පසුබිම ඔහු මෙසේ ඉදිරිපත් කොට ඇත.
“මගෙ ජීවිතේ පැහැදිලි බෙදුමක් තිබුනා…එකක් තමයි මගේ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය…ඒකෙ තිබුනේ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසය…ඊළඟට මගේ ආච්චිගෙ ලෝකේ….ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුන ෆැන්ටසිමය ලෝකයක්….” -ගාර්ෂියාමාර්කේස් ( NRP Radio interview )-
මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් ලෙස
පුද්ගලයෙකු සර්පයකු වූ පුවතක් සඳහන් වේ.ඒ ඔහුගේ වරදක් හේතුවෙනි. නමුත් පුද්ගලයෙකු කොතරම්
වරදක් සිදු කළ ද ශරීර අංග ලක්ෂණ වෙනස් වන පුවතක් සැබෑලෝකයෙන් දුරස් ය. බුදු දහමට
අනුව මෙලොවින් තුරන් වී යළි උපදින ආත්මභාවයක එකී විපාක පලදුන්අවසථා අසා තිබුණද
සාමාන්‍ය ලෝකයේ එවැනි ශරීර අංග ලක්ෂණ වෙනස් වීම කිසිසේත් ම විය නොහැකි සිද්ධියකි.
"පබළු වලින් ගෙල බරවූ ඉතාම ළාබාල අහිකුන්ඨක ගැහැණු
ළමයෙකි. ඇය සිටියේ තම මව්පියන්ට අකීකරු වීම නිසා සර්පයකු බවට පත් වූ මිනිසාගේ
දුක්මුසු දර්ශනය නරඹමින් සිටි සෙනඟ අතරේ ය."
මායා යථාර්ථවාදයේ ස්වභාවය වන්නේ මෙයයි.
තවත් අවස්ථාවක සඳහන් වන්නේ උඩින් පියාසර කිරීමේ
පුවතකි. සාමාන්‍ය ලෝකයේ පියාසර කළ හැක්කේ පක්ෂීන්ට පමණි. රහතන් වහන්සේලා වැනි සෘද්ධි
ලැබූවන් පියාසර කරන කතා පුවත් අසා තිබුණද සාමාන්‍ය මිනිසෙකු පියාසර කරන අවස්ථා
කිසිසේත් ම සැබෑ ලෝකයේ දක්නට නොලැබේ.
"පරිස්සමට සඟවා තබාගත් අන්තිම රන්කාසි ඩැහැගත්
මිනිස්සු ගමේ ගෙවල්වලට උඩින් වේගයෙන් පියාසර කිරීමේ වරම ලබා ගැනීමට උත්සුක වූහ"
සියක් වසක හුදෙකලාව නැමැති මෙම කෘතියේ විචාරකයන්
පෙන්වා දෙනු ලැබූ මායා යථාර්ථවාදී රීතිය වන්නේ මෙයයි. සැබෑ ලෝකයෙන් ව්‍යුක්ත
සුරංගනා කතාවල පවතින මේ ආකාරයේ සිද්ධි යොදා ගනිමින් වෙනස් ම ආකාරයේ සන්දර්භයක්
ඉදිරිපත් කිරීම කතුවරයාගේ අපේක්ෂාව වී ඇත. නමුත් ඔහුගේ කෘතිය දෙස මතුපිටින් බලන
අයෙකුට ඒවා කිසිසේත් ම හැබැහින් දැක ගැනීමට නොහැකි සිදුවීම් ය.
"එම කාලයේදී විනෝද විනෝදකාමී අසභ්‍ය වචන කියන
හැඟීම් පොළඹවන සුලු ගැහැනියක් ගෙදරදොර කටයුතුවලට උදව් වීමට එම ගෙදරට ආවාය. ඇය
කඩදාසි කුට්ටමේ කොළවලින් අනාගතය කියන සැටි දැන සිටියාය. උර්සුලා තම පුත්‍රයා ගැන
ඇයට කීවාය. ඔහුගේ ඔහුගේ ලිඟුවේ අසාමාන්‍ය විශාලත්වය ඇයගේ ඥාති සොහොයුරාගේ වලිගය
වැනි වූ අස්වාභාවික දෙයක් යැයි ඇය සිතුවා ය "
මෙම නිදසුන මඟින් ද පැහැදිලි කරනුයේ මායා යථාර්ථවාදී
රීතියේ ස්වභාවයයි. සාමාන්‍ය ස්ත්‍රියකට කාඩ් පතක් බැලීමෙන් අනාගතයේ පැවසීම සිදු කළ
හැකිද යන්න ගැටලුවකි. කෘතියේ මායා යථාර්ථවාදය ඉස්මතු වෙන විශේෂ අවස්ථාවක් ලෙස පුත්‍රයාගේ
ලිංගුවේ ඌරු වලිගයක ස්වභාවය පැවතීම දැක්විය හැකිය.සාමාන්‍ය මනුෂ්‍යයකුට ඌරු
වලිගයක් පිහිටීම කිසිසේත් ම සිදුවිය නොහැකි දෙයකි .
ගාර්ෂියා මාර්කේස්ගේ සෑම නවකතාවක් ම විසිවන
සියවස ආරම්භයේ සිට ලතින් ඇමරිකාවේ ඇති ගැටුම් ඉස්මතු කරයි. ඔහුගේ බොහෝ නවකතාවල
ආදරය, බලය සහ මිනිසුන්ට තමාව ම පරිවර්තනය කර ගැනීමේ හැකියාව ගැන පවසයි.ඔහුගේ නවකතා
ආශ්චර්යමත් හා විස්මිත සිදුවීම් සහ චරිත වලින් පිරී තිබුණු අතර සැබෑ ජීවිතයේ සැබෑ
තත්වයන් තුළ අභිරහස සහ මනංකල්පිත අංග ඇතුළත් කලේය. සියවස් ගණනාවක යටත් විජිතවාදය,
සිවිල් යුද්ධය සහ දේශපාලන ව්‍යාකූලත්වය ඔහුගේ කෘති වලට අමුද්‍රව්‍ය විය. තවමත්
නොවිසඳී ඇති මහාද්වීපයේ අතිශය ඛේදනීය අස්ථාවරත්වය සහ අමානුෂිකත්වය ඔහු හෙළි කරයි.
මාර්කේස්ගේ අභාවයෙන් පසු, කොලොම්බියාවේ
ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් ඔහු හැඳින්වූයේ “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම
කොලොම්බියානු ජාතිකයා‘ ලෙසය.
මාර්කේස් ලොව පුරා
ලේඛකයින් විශාල පිරිසකට ඉමහත් බලපෑමක් ඇති කළේය. ගාර්ෂියා මාර්කේස් “තමන්ට ආඛ්‍යාන නිදහසට මග පෙන්වූ බව” ප්‍රංශ ලේඛක එරික් ඔර්සෙනා පවසයි.
ඉන්දියානු ලේඛක සල්මාන් රුෂ්ඩි, මාර්කේස්ගේ ලේඛන ශෛලියෙන් ආභාෂය ලැබූ
අතර එය ඔහුගේ නවකතා බොහොමයක භාවිතා කර ඇත. 2012 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය
දිනාගත් චීන ලේඛක මෝ යාන් ගේ නවකතා වලට ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම නිරීක්ෂණය කර
තිබේ. ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම ඉරාන දේශපාලනය කෙරෙහි පවා සලකුණු තබා තිබේ. මේ අනුව
ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට වඩා බොහෝ දුරට විහිදෙන උරුමයක් ලබාගත්තේය.
ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...