නුබට නැත පිපෙන්නට
ඉඩක් ස්ථිර බිමක
කොතන පැල කෙරූව ද
පිපියන් සුදුම සුදුවට
ලොව ම සුවඳ කරවන
මල් කළඹක් ලෙසට
නුබට නැත පිපෙන්නට
ඉඩක් ස්ථිර බිමක
කොතන පැල කෙරූව ද
පිපියන් සුදුම සුදුවට
ලොව ම සුවඳ කරවන
මල් කළඹක් ලෙසට
මව්පිය දෙපළත් සමඟ ම මධු රජ දුව වන ගත වී
කළිඟු කුමර දකින විටදී මදු කුමරිය ගසකට වී
කුමරුගෙ සිත ඇදී ගියා මෑ නම් දෙව්දුවක් ම වී
I Wandered lonely as a cloud
That Flots on high o'er vales and hills,
When all at once, I saw a crowd
A host, of golden daffodils;
Beside the lake, beneath the trees
Fluttering and dancing in the breeze..
ඉබාගාතේ සැරි සරමි මම
පාවෙන වළාවක් ලෙසට
අර පේන කඳු මතින්
දුටිමි රන්වන් පාට ගැන් වූ
ඩැෆෝඩිෆ් මල් කොමළියන්
විල් අසල තුරු අසල
සුළං පොදි අතර නටමින්
පියාඹන අපූරුව
His
house is in the village through
He will not see me stopping here
To
which his woods fill up with snow
My
little house must think it queer
To
stop without a farm house near
Between
the woods and frozen lake
The
darkest evening of year
He
gives his harness bells a shake
To
ask if there is some mistake
The
only other sounds the sweep
Of
easy wind and dawning flake
The
woods are lovely, dark and deep
But
I have promises to keep
And
miles to go before I sleep
And
miles to go before I sleep
හිම වැටෙන සන්ද්‍යාවක වනපෙතක නැවතීම
මම සිතමි මම දනිමි මේ වනපෙත් කාගේ ද
නිසැකය ඔහු මේ ගම්දොර
වැසියෙකි
නොදකීවි ඔහු මගේ මෙහි
පැමිණ නැවතීම
හිමවලින් වැසී ගිය වනපෙත
දැකීමට
මගෙ කුඩා නිවස දෙස
පුදුමයෙන් සිතන්නට
නැවතීමකින් තොර ගොවිපළක්
අසලට
සීත වුණු විල් හා වනපෙත්
අතරමැද
වසරේ අඳුරුතම ගෙවී යන
සන්ද්‍යාව
ඔහු දුන්න මිහිරිතම සීනු
හඞ නාදවෙයි
නන්විධි වරදක් සිදු වී ද
විමසන්න
මිහිරි වූ සුළං වැල්
අනෙක් නඳ විද ගන්න
වනපෙතින් හමායන මඳ වූ සුළං
පොදි
වනපෙත් සොදුරුයි අඳුරුයි
ගැඹුරුයි
එනමුත් කළ යුතු දේවල්
බොහොමයි
නින්දට පෙර මා යා යුතු
දුර තිබෙයි
නින්දට පෙර මා යා යුතු
දුර තිබෙයි
පටන් ගත් ටියුට් කියවා නිමක් නැත
නිමා වෙන තැනක් ළඟ පාතක ද නැත
තවත් දහස් වැඩ ගොන්නක් ලියා ඇත
කරන්නෙ කොහොම තනි මම පමණි වැඩ
දවස් හතම දේශන නම් නිමා නැත
අරක කොහෙද මේ කෝකද නිනව් නැත
බිත්ති හතරකට පමණක් මැදි ව ඇත
කොවිඩ් ඇවිත් කනපිට පෙරලුවා අප
යහළු යෙහෙළියන් උන්නද මළා නැත
සොයන්නට වෙලාවක් උන් හට ද නැත
තරහ නොවනු මිතුරනි සිත සිටී නුඹ
මතකද එදා නිම කළ හැටි මෙවන් වැඩ
උස බූට් නැතුවාට
හයියෙන් ඇවිදින්න
අප්පච්චි කැමතිම
මේ රබර් ජෝඩුවට
ගල් වැලි පෑගෙන්නෙ
රබර් ජෝඩුවට මිස
උස බූට් කොහෙන්ද
තාත්තට ඇවිදින්න
ලස්සන ජෝඩුවක්
මට අරන් දුන්නාට
කිව්වෙ ඔහු හැමදාම
මං ආස මේකට
1982දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ අගනා කෘතියක්
ලෙස සියක් වසක හුදෙකලාව කෘතිය සම්මානයෙන්
පිදුම් ලැබී ය.
ගාර්ෂියා
මාර්කේස්ගේ
සියලු කෘති අතුරින් One Hundred Years of Solitude (සියක් වසක හුදකලාව) නවකතාව වඩාත්
සිත්ගන්නා සුලු හා වඩාත් ම සංකීර්ණ ය. එය ඔහුගේ වාණිජමය වශයෙන් වඩාත්
ම
සාර්ථක නවකතාව බවට පත් විය. One Hundred Years of Solitude ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ විශිෂ්ටත
ම
කෘතිය වූ අතර එම නවකතාවට සඳහා පුලිට්සර් ත්‍යාගය පිරිනමන ලදී.
මෙම කෘතිය තුළින් මායා යථාර්ථවාදී රීතිය නොහොත්
ඉන්ද්‍ර ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත විය.මාර්කේස්ගේමෙම කෘතිය තුළ සෑම පිටුවකින්
ම magic realism ශෛලිය
නැතිනම් මායා යථාර්ථවාදය සඳහා උදාහරණ සොයා ගත හැකිය.
මායා යථාර්ථවාදය නැමැති සංකල්පය කරළියට ආවේ
රෝමාන්තිකවාදයට එරෙහි ව නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ වුව ද මෙම මායා
යථාර්ථවාදී ශෛලිය නිසා කිසිසේත් ම යථාර්ථවාදය ඛණ්ඩනය වූයේ නැත. පවතින සත්‍යය,
යථාර්ථය වෙනත් සන්දර්භයක් යටතේ විශ්ලේෂණය කිරීම මායා යථාර්ථවාදයෙන් සිදු විය.
මේ ශෛලියට ලියැවුණු වෙනත් කෘති ලෙස මාර්කේස්ගේ
“කොලරා කාලේ ආලේ”,
කෆ්කාගේ
“ඇමරිකා, නඩු විභාගය, බලකොටු මාලිගාව” වැනි බොහෝ කෘතීන්
මෙන්
ම
සිංහල කතා කලාවේ මොහාන් රාජ් මඩවලගේ “මාගම් සෝලිය,
ලොවීනා” හා සයිමන් නවගත්තේගමගේ “සංසාරයේ දඩයක්කාරයා” වැනි කෘති තුළ ද මෙම ශෛලිය ඉස්මතු වී
පෙනෙයි.
සියක් වසක හුදෙකලාව කෘතිය තුළ මාර්කේස්
ඇමරිකානු මහද්වීපයට ම ආවේණික ස්වභාවිකත්වය, ජන කතා, විහිලු, පුරාණෝක්ති යන සියල්ල
එකට කැටි කරගත් දැවැන්ත රූපමය ගොඩනැංවීමක් සිදු කර තිබේ යැයි සිතමි. කෘතිය මදක්
කියවාගෙන යාමේදී අප ජීවත්වන සැබෑ ලෝකයෙන් වෙනස් ස්වභාවයක් හැඟේ. මාර්කේස්ගේ මෙම
වෙනසට හේතු වූ පසුබිම ඔහු මෙසේ ඉදිරිපත් කොට ඇත.
“මගෙ ජීවිතේ පැහැදිලි බෙදුමක් තිබුනා…එකක් තමයි මගේ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය…ඒකෙ තිබුනේ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසය…ඊළඟට මගේ ආච්චිගෙ ලෝකේ….ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුන ෆැන්ටසිමය ලෝකයක්….” -ගාර්ෂියාමාර්කේස් ( NRP Radio interview )-
මායා යථාර්ථවාදය ඉස්මතු වන තවත් අවස්ථාවක් ලෙස
පුද්ගලයෙකු සර්පයකු වූ පුවතක් සඳහන් වේ.ඒ ඔහුගේ වරදක් හේතුවෙනි. නමුත් පුද්ගලයෙකු කොතරම්
වරදක් සිදු කළ ද ශරීර අංග ලක්ෂණ වෙනස් වන පුවතක් සැබෑලෝකයෙන් දුරස් ය. බුදු දහමට
අනුව මෙලොවින් තුරන් වී යළි උපදින ආත්මභාවයක එකී විපාක පලදුන්අවසථා අසා තිබුණද
සාමාන්‍ය ලෝකයේ එවැනි ශරීර අංග ලක්ෂණ වෙනස් වීම කිසිසේත් ම විය නොහැකි සිද්ධියකි.
"පබළු වලින් ගෙල බරවූ ඉතාම ළාබාල අහිකුන්ඨක ගැහැණු
ළමයෙකි. ඇය සිටියේ තම මව්පියන්ට අකීකරු වීම නිසා සර්පයකු බවට පත් වූ මිනිසාගේ
දුක්මුසු දර්ශනය නරඹමින් සිටි සෙනඟ අතරේ ය."
මායා යථාර්ථවාදයේ ස්වභාවය වන්නේ මෙයයි.
තවත් අවස්ථාවක සඳහන් වන්නේ උඩින් පියාසර කිරීමේ
පුවතකි. සාමාන්‍ය ලෝකයේ පියාසර කළ හැක්කේ පක්ෂීන්ට පමණි. රහතන් වහන්සේලා වැනි සෘද්ධි
ලැබූවන් පියාසර කරන කතා පුවත් අසා තිබුණද සාමාන්‍ය මිනිසෙකු පියාසර කරන අවස්ථා
කිසිසේත් ම සැබෑ ලෝකයේ දක්නට නොලැබේ.
"පරිස්සමට සඟවා තබාගත් අන්තිම රන්කාසි ඩැහැගත්
මිනිස්සු ගමේ ගෙවල්වලට උඩින් වේගයෙන් පියාසර කිරීමේ වරම ලබා ගැනීමට උත්සුක වූහ"
සියක් වසක හුදෙකලාව නැමැති මෙම කෘතියේ විචාරකයන්
පෙන්වා දෙනු ලැබූ මායා යථාර්ථවාදී රීතිය වන්නේ මෙයයි. සැබෑ ලෝකයෙන් ව්‍යුක්ත
සුරංගනා කතාවල පවතින මේ ආකාරයේ සිද්ධි යොදා ගනිමින් වෙනස් ම ආකාරයේ සන්දර්භයක්
ඉදිරිපත් කිරීම කතුවරයාගේ අපේක්ෂාව වී ඇත. නමුත් ඔහුගේ කෘතිය දෙස මතුපිටින් බලන
අයෙකුට ඒවා කිසිසේත් ම හැබැහින් දැක ගැනීමට නොහැකි සිදුවීම් ය.
"එම කාලයේදී විනෝද විනෝදකාමී අසභ්‍ය වචන කියන
හැඟීම් පොළඹවන සුලු ගැහැනියක් ගෙදරදොර කටයුතුවලට උදව් වීමට එම ගෙදරට ආවාය. ඇය
කඩදාසි කුට්ටමේ කොළවලින් අනාගතය කියන සැටි දැන සිටියාය. උර්සුලා තම පුත්‍රයා ගැන
ඇයට කීවාය. ඔහුගේ ඔහුගේ ලිඟුවේ අසාමාන්‍ය විශාලත්වය ඇයගේ ඥාති සොහොයුරාගේ වලිගය
වැනි වූ අස්වාභාවික දෙයක් යැයි ඇය සිතුවා ය "
මෙම නිදසුන මඟින් ද පැහැදිලි කරනුයේ මායා යථාර්ථවාදී
රීතියේ ස්වභාවයයි. සාමාන්‍ය ස්ත්‍රියකට කාඩ් පතක් බැලීමෙන් අනාගතයේ පැවසීම සිදු කළ
හැකිද යන්න ගැටලුවකි. කෘතියේ මායා යථාර්ථවාදය ඉස්මතු වෙන විශේෂ අවස්ථාවක් ලෙස පුත්‍රයාගේ
ලිංගුවේ ඌරු වලිගයක ස්වභාවය පැවතීම දැක්විය හැකිය.සාමාන්‍ය මනුෂ්‍යයකුට ඌරු
වලිගයක් පිහිටීම කිසිසේත් ම සිදුවිය නොහැකි දෙයකි .
ගාර්ෂියා මාර්කේස්ගේ සෑම නවකතාවක් ම විසිවන
සියවස ආරම්භයේ සිට ලතින් ඇමරිකාවේ ඇති ගැටුම් ඉස්මතු කරයි. ඔහුගේ බොහෝ නවකතාවල
ආදරය, බලය සහ මිනිසුන්ට තමාව ම පරිවර්තනය කර ගැනීමේ හැකියාව ගැන පවසයි.ඔහුගේ නවකතා
ආශ්චර්යමත් හා විස්මිත සිදුවීම් සහ චරිත වලින් පිරී තිබුණු අතර සැබෑ ජීවිතයේ සැබෑ
තත්වයන් තුළ අභිරහස සහ මනංකල්පිත අංග ඇතුළත් කලේය. සියවස් ගණනාවක යටත් විජිතවාදය,
සිවිල් යුද්ධය සහ දේශපාලන ව්‍යාකූලත්වය ඔහුගේ කෘති වලට අමුද්‍රව්‍ය විය. තවමත්
නොවිසඳී ඇති මහාද්වීපයේ අතිශය ඛේදනීය අස්ථාවරත්වය සහ අමානුෂිකත්වය ඔහු හෙළි කරයි.
මාර්කේස්ගේ අභාවයෙන් පසු, කොලොම්බියාවේ
ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් ඔහු හැඳින්වූයේ “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම
කොලොම්බියානු ජාතිකයා‘ ලෙසය.
මාර්කේස් ලොව පුරා
ලේඛකයින් විශාල පිරිසකට ඉමහත් බලපෑමක් ඇති කළේය. ගාර්ෂියා මාර්කේස් “තමන්ට ආඛ්‍යාන නිදහසට මග පෙන්වූ බව” ප්‍රංශ ලේඛක එරික් ඔර්සෙනා පවසයි.
ඉන්දියානු ලේඛක සල්මාන් රුෂ්ඩි, මාර්කේස්ගේ ලේඛන ශෛලියෙන් ආභාෂය ලැබූ
අතර එය ඔහුගේ නවකතා බොහොමයක භාවිතා කර ඇත. 2012 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය
දිනාගත් චීන ලේඛක මෝ යාන් ගේ නවකතා වලට ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම නිරීක්ෂණය කර
තිබේ. ගාර්ෂියා මාර්කේස්ගේ බලපෑම ඉරාන දේශපාලනය කෙරෙහි පවා සලකුණු තබා තිබේ. මේ අනුව
ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට වඩා බොහෝ දුරට විහිදෙන උරුමයක් ලබාගත්තේය.
අහස් කුසට වැහි දිය බර නැතුවාට
මිහිතලේට වැලි කැට බර නැතුවාට
පියුම් පෙතට බමරෙක් බර නැතුවාට
කියාපං නුඹට ආලය බර වීද?
වැටී ගල් වැටියකින් බිඳුණි මගෙ අත අනේ
ගියා පැය දෙක තුනෙන් රෝහලක් සොයමිනේ
එතන එස් ට්‍රේ ගන්න තව පැයක් ගත වුණේ
බෙහෙත් තුන්ඩුවට මුළු සේසත ම වැය වුණේ
දවස් තුන හතරකින් නැවත නිවසට වුණේ
දවසකට බෙහෙත් පෙති අහුරක් ම ගිල් වුණේ
මාස දෙක තුනකින් බිදුණු අත සුව වුණේ
යළිත් අවුරුද්දකින් වේදනා ඇති වුණේ
යළි වරක් වැටී මගෙ දකුණු පය ඇඹරුනේ
අත මිටත් හිඟ නිසා රෝහලට නොගොසිනේ
ගියේ නොමිලේ දුන්න බෙහෙත් ගුලි සොයමිනේ
වෙද ගෙදර පාලු මම පමණක් ම තනි වුණේ
කැඩුණු පය වටා කොළ පත්තුවක් එතුණේ
තිත්ත මුසු කල්ක යුෂ බොන්නටත් දුන්නේ
උදේ රෑ තෙල්වලින් කකුල පිරි මැද්දුනේ
මාස හය හතකින් සියල්ල ම දුරුවුණේ
සත පහක කාසියක් නැතිය වියදම් වුණේ
ගමේ ඇති ගස් කොළින් බෙහෙත් ගුලි සෑදුණේ
සදහටම රිදුම් දෙන වේදනා සුව වුණේ
ගමේ වෙද සීයාට පින් පමණි අත් වුණේ
ග්‍රන්ථ නාමය
Ø ග්‍රන්ථ
නාමය පිළිබඳ
ව
අවධානය යොමු කිරීමට ප්‍රථම ජාතකය ජාතක කතා යනු මොනවාදැයි විමසා බැලිය යුතුය.
ජාතං භූතං පුරා වුත්තං භගවතෝ - පුබ්බචරිතං
චායාති කථේති පකාසේතීති ජාතකං යනුවෙනි.
එයට අනුව ජාතක යනු “භාග්‍යවතුන් වහන්සේගේ උපත සිදු වූ පෙර පුවත්, පෙර සිරිත් වටහා දෙන්නේ කියන්නේ නැතිනම් ප්‍රකාශ කරන්නේ ජාතක කතාව වේ” යනුවෙනි.
මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා ජාතක යන්න ඉතා සරල ව මෙසේ දක්වා ඇත.
“ජාතක වනාහි අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ තැන් පටන් වෙස්සන්තර ආත්ම භාවය තෙක්ම උන්වහන්සේගේ පෙර සිරිත් කියන්නා වූ කතා රැසකි. එනම් උන්වහන්සේගේ පෙරුම්දම් පුරන කල්හි බෝසතුන් ලෙස ගෙවූ පෙර ආත්ම භවයේ වස්තු කොට ගෙන සැකසුණු කතාය.”මෙම කොටසින් ජාතක යනු කුමක් ද යන්න පැහැදිලි ය.
කර්තෘ හා කාලය
Ø පාලියෙන් පැවති එකී ජාතකට්ඨකතාව සිංහලයට පෙරළන ලද්දේ කුරුණෑගල යුගයේ දී සිව්වන පැරකුම්බා රජු දවසේ දී ය.
Ø ජාතක කතා පොතට අනුව පරාක්‍රම නම් ඇමතිවරයෙකු මේ සඳහා ආරාධනා කොට ඇති අතර වීරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යවරයෙකු වෙහෙසී කටයුතු කර ඇත.
Ø කෙසේ වුවත් උගතුන්ගේ පිළිගැනීම අනුව ජාතක කතා සිංහලයට පරිවර්තනය කිරීම කර්තෘ මණ්ඩලයක් විසින් කරන ලද්දකි. ඒ නිසා මෙය බහු කර්තෘ කෘතියක් වෙයි.
Ø මෙය
පරිවර්තනය කිරීමේ
කාර්යය කුරුණෑගල යුගයේ රාජ්‍යය විචාළ සිව්වන
පැරකුම්බාවන්ගේ සමයේ දී ආරම්භ වූ අතර සෑහෙන කාලයක් පුරාවට සිදු වූවා යැයි සැලකේ.
මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා ඒ පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.
“ජාතක කථාවන් ගේ ඇතිවීම පැවතීම ගැන පිරියෙසුම් කරන උගතුන්ගේ අදහස නම් ඇතැම් කථා පුවත් බුද්ධ කාලයටත් වඩා පැරණි බවයි. බුද්ධ කාලයට පෙර භාරතීය ජනයා අතර පැවති කතන්දර පසුව ජාතක කතා ලෙසින් සකස් වුණු බව ද කියති. ඒ කතා බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ අවස්ථාවලදී තතු පැහැදිලි කිරීම සඳහා, කරුණු වඩාත් එළිපෙහෙළි කිරීම සඳහා, උපමා කතා උදාහරණ තමන් වහන්සේ පෙරටු කොටගත් අදහස් සපුරා ගනු පිණිස යොදා ගත්හ. එසේ කිරීමේදී එය බෞද්ධ මුහුණුවරක් ගත්තේ ය” යනුවෙනි.
Ø බුද්ධ භාෂිත වූ ජාතක දේශනා මිහිඳු හිමියන් විසින් ලංකාවට ගෙනෙන ලදුව උන්වහන්සේ විසින් ම උගත් තෙරවරුන් ලවා එය සිංහලයට පරිවර්තනය කොට තබන ලදැයි දැක්වෙයි.
Ø හෙළු බසින් පැවති එම කතා ඇතුළත් වූ ජාතක අටුවාව ඉවහල් කොට ගෙන බුද්ධඝෝෂ හිමි හෝ වෙන අර්ථකථාර්ය අයකු හෝ පාලි භාෂාවෙන් ජාතකට්ඨකථාව සම්පාදනය කොට ඇත.
Ø “පුරාණ සිංහල ජාතක කතා පාලියට පෙරළන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. නමුත් බුද්ධඝෝෂ හිමියන් ජාතකට්ඨකථා නිපද වූ බවක් සමහරුන් පළ කරත් ඇත්ත වශයෙන් ම උන්වහන්සේ කළේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් සිංහල භික්ෂූන් විසින් සිංහලයට නගන ලද ජාතක කතා නැවත පාලියට පෙරලීම පමණකි” යනුවෙන් නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය කෘතියේ දක්වයි.
Ø “පාලි ජාතක පොත උගත්තේ භික්ෂූන් වහන්සේ හා පාලිය උගත් ගිහියන් විසින් පමණකි. සාමාන්‍ය ගැමියන් මේ කතා අසා දැනගත් දැන ගන්නා ලද්දේ භික්ෂූන් වහන්සේගෙනි. මෙය හිරිහැරයක් කොට සැලකූ මෑතක විසූ කිහිපදෙනකු එක්ව මුළු ජාතක පොත ම සිංහලට පෙරළා සිංහල ජාතක පොත නිපදවූ” යැයි නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන්ගේ කෘතියේ තවදුරටත් සඳහන් වේ.
ජාතක පොතේ වැදගත්කම
Ø සංස්කෘත සාහිත්‍යය පුළුල් කිරීමෙහිලා මහා භාරතය, රාමායණය වැනි වීරකාව්‍යවලින් සුවිශේෂ වූ සේවාවක් ඉටු වූවා සේම සිංහල සාහිත්‍යයේ පුළුල් කිරීමෙහිලා ජාතක කතාවලින් ලැබී ඇත්තේ අමිල සේවාවකි.
Ø “නූතන
නවකතා, කෙටිකතා
ආදියෙහි චරිත
නිරූපණය කර
ඇති ආකාරයට
තරමක් හෝ
සමීපවන පරිදි චරිත නිරූපණය කර ඇත්තේ ජාතක
කතාකරුවා බව විචාරකයන්ගේ මතයයි.”
- මාර්ටින්
වික්‍රමසිංහ
බණ කතා
සාහිත්‍ය -
-
විල්ගම්මුල
හාමුදුරුවෝ “සඳ කිඳුරු දා කව” කළේය.
- කෝලම් නාටකකරුවෝ සිය කෝලම් රංගන අවසානයේ “සඳ කිඳුරු කථාව” රඟ දැක්වූහ.
- සරච්චන්ද්‍රයන්ගේ මනමේ රංග ගතවීමෙන්
පැරැණි දේශීය නාටක ප්‍රතිනිර්මාණය වන්නට වූ විට ගුණසේන ගලප්පත්ති “සඳ කිඳුරු” නූතන වේදිකාවට ගෙන ආවේ ය.
-
අශෝක
හඳගම සිය ප්‍රථම සිනමා නිර්මාණය නම් කළේ ද “චන්ද කින්නරී” නමිනි.
-
නිශ්ශංක
විජේමාන්න “චන්ද්‍ර කින්නරාවී” නමින් කෙටිකතාවක් ලීවේ ය.
ප්‍රමාණය
ජාතක කතාවේ ආකෘතිය
1. වර්තමාන
කතාව
2. අතීත
කතාව
3. ගාථා
4. වෙය්‍යාකරණ
5. සමෝදාන කතාව
අතීත කතාව - ජාතිකය යන නමින් හඳුන්වන කොටස හෙවත් බෝසතුන්ගේ අතීත
සිරිතය
ගාථා - උපදේශයක් වශයෙන් හෝ
කතාව වශයෙන් හෝ දක්වා ඇති ගාථා කොටස් ය.
වෙය්‍යාකරණ - ගාථාව විස්තර කොට ඇති කොටස ය.
සමෝදානය - අතීත කතාවේ ආ චරිත වර්තමාන කතාවේ චරිත සමඟ ගළපන කොටස් ය.
1. වර්තමාන
කතාව
2. අතීත
කතාව
3. සමෝදානය
ඇතැම් ජාතක කතා තුළ තවත් කුඩා කතා ද දක්නට ලැබේ.
ජාතක පොතේ විශේෂතා
1)ජාතක කතා පොතේ එන විශේෂ සාහිත්‍යමය ලක්ෂණ වන්නේ එය උගතාටත් නූගතාටත් එක සේ රසවිඳීමට හැකියාවක් තිබීමයි. ජාතක පොත රසවිඳීමට විශේෂ දැනුම් සම්භාරයක් අවශ්‍ය නොවේ. අමාවතුර, බුත්සරණ යන ග්‍රන්ථවල පාඨක පිරිස එක් පක්ෂයක් වටා කේන්ද්‍රගත වුව ද ජාතක පොතෙහි පාඨක පිරිස මේ ද්විත්ව පිරිස වීම විශේෂ ලක්ෂණයකි. සරල ව්‍යවහාර බස ජාතක පොතේ දී භාවිතයට ගෙන ඇත.
“ගුරුළුගෝමීහුගේ කාලයෙහි ග්‍රන්ථාරූඪ වූයේ පණ්ඩිතයන් අතින් ම සකස්වුණු පණ්ඩිත ප්‍රිය භාෂාවකි. ජාතක පොත සිංහලයට නගන කාලයෙහි ග්‍රන්ථාරූඪ වූයේ ඒ ග්‍රන්ථ භාෂාවෙහිත් පොදු ජනයාගේ භාෂාවෙහිත් සංකලනයෙන් නිපන් ජනප්‍රිය භාෂාවකි. මේ භාෂා විපර්යාසයට වඩා තුඩු දෙන ලද්දේ සමාජ විපර්යාසය විසිනි.චන්ද කින්නර ජාතකේ මෙම ලක්ෂණය සනාථ කෙරෙන උදාහරණයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
“එදවසට බිසවුන් ප්‍රධාන කොට සතළිස් දහසක් නාටකාංගනාවෝ
වෙසෙති. ඒ සතළිස් දහසක් නාටක ස්ත්‍රීන් හුදු උභය පාරිශුද්ධ කෂත්‍රිය කන්‍යාවෝ ම
එක් දහස් අනූවක් දෙනය. බිම්බා දේවිය ද බුදුන් තමන්ගේ භවනයට වඩිනා නියාව අසා ක්ෂත්‍රීය
කන්‍යාවන් හැමදෙනම කසාය වස්ත්‍ර ගෙන හැඳ පොරවා අව මැනවැ යි විධාන කළහ......”යන නිදසුනෙන් පෙනී යන්නේ ජාතක කතා ජාතකකතාකරු
තම රචනයේදී සරල ව්‍යවහාර බස භාවිත කොට ඇති ආකාරයයි.
2) දේශිය මාර්ගය හෙවත් දේශීය රීතිය අනුගමනය කිරීම
·
මෙම
ලක්ෂණය
මාර්ටින් වික්‍රමසිංහ මහතා එතුමාගේ සිංහල සාහිත්‍ය නැගීම නම් කෘතියේ මෙසේ දක්වා ඇත.
“ ජීවන ප්‍රවෘත්ති වස්තු කොට ගෙන කාව්‍ය
සම්පාදනයට සිතන උගතුන් ජාතක පොතෙහි භාෂා රීතිය ගුරු කොට ගත යුතුය. සංස්කෘත ගද්‍යටත් එහි අනම්‍ය රීතියටත්
වහල් නොවී ජාතක පොතෙහි දක්නට ලැබෙන දේශීය මාර්ගය හෙවත් දේශීය රීතිය අපගේ වඩාත්
පැරණි පඬුවන් විසින් නිපදවන ලද නම් සිංහල ගද්‍ය ශ්‍රේෂ්ඨ ස්ථානයක් ගන්නේය.”
3) නාටයෝචිත
බස් වහර
බොහෝ අවස්ථාවල
භාවිතා කර
ඇත.
·
ජාතක
පොතේ භාවිතා
කර ඇති
සංවාද නාට්‍ය ස්වරූපයක් ගෙන ඇත. විශේෂයෙන්ම ශ්‍රාවකයා
ඉදිරියෙහි සිදුවීම් චිත්‍රණය වන ආකාරයට මෙහි බස හසුරුවා ඇත.
“එතකුදු වුවත් මහ බෝසත්හු මෙ විසඥව
වැදහොත් නියාව දැක ඇය මාගේ ස්වාමි පුරුෂයාණන් මී නියා වූ මාගේ නැටුම් නොබලා
වැදහෝනට කවර දුකෙක් උපන්දැයි පරීක්ෂා කොට බලන්නාහු ප්‍රභාර මුඛයෙන් වෑහෙන්නා වූ ලේ
දැක මා ප්‍රිය වූ ස්වාමි පුත්‍රයා කෙරෙහි ශෝකය දරාගත නොහී අක්‍රෝශ බෙණෙමින් මහ
හඬින් හඬන්නට වන්හ.....”
“අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනක ලා මේ
සා දුක්ඛයක් නිපදවන ලද පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා
උදෙසා මැරීනම් මාගේ ස්වාමි පුත්‍රයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවායි මට පැමිණී මේ
ශෝකය තගේ අඹුදරුවන්ට ද වේවයි තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති නොම තා ද තම දරුවන්
ද නොදැක නිරා වදිව යි ඇවිලී අව අවා අඩන්නට පටන් ගත්හ.”
මෙහිදී ජාතක කතාකරුවා එම අවස්ථාව සජීවී අන්දමින් වාක්‍ය කිහිපයකින්
දැක්වීමට සමත් වන්නා සේම කිඳුරියගේ ශාපය අපේ ගැමි කාන්තාවන් තම ස්වාමියා මරණයට පත්
කළ අයෙකුට සාප කරන ආකාරය සිහි ගන්වමිනි.
4) බොහෝ පාලි උපමා සිංහලයට පෙරළීමේ දී අනුගමනය කරන ලද සිංහල කව් බසින් ඒ ඒ අවස්ථාව සමලංකෘත කොට ඉදිරිපත් කිරීම.
·
උපමා
රූපක ගෙන
හැර පෑමේ
දී ජාතක
කතාකරුවාගේ
රුචිය කතාව
රසවත් කිරීමෙහිද
චරිත ගැඹුරු
කිරීමෙහිද අවස්ථා
නිරූපණයෙහි
ද ප්රබල
ව සිටි
බව සඳහන්
කළ යුත්තකි.
චන්දකින්නර ජාතකයේ ඇතුළත් පහත නිදසුනෙන් මේ සඳහා හොඳම නිදසුන යැයි
සිතමි.
“කකියා ගිය තලතෙලක ලු තන සෙයින්ද මුලින් සිඳ ලූ
ගසක් සෙයින් ද නියං සමයෙහි පැන් සිඳී වියලී ගිය මළ හෝ කඳුරක් සෙයින් ද ජීවිත
විනාශයට පැමිණෙන සේ බලව. පර්වතයහී වසන ලදුව ක්ෂණ ක්ෂණයෙහි වෑහෙන්නා වූ වර්ෂා ජල
ධාරාවක් සෙයින්ද කඳුළු වෑහෙන්නට පටන් ගත්තේය”
5) තත්භව වචන පවා අතහැර කටබස් වහරෙහි වචන යොදා යොදාගෙන තිබීම.
භාෂාවේ ප්‍රසාද ගුණය වැඩි කිරීමට වචන
සමත් වේ. චන්ද කින්නර ජාතකයේ එන ලෙස දෑල, යෙහෙළි, බිම වැද හොති, ගිම් සාරමස, හොය
වකෙක, ඇවිලි ආවා අවා යන ඒවා දැක්විය හැකිය.
6) දිගුවැකි භාවිතය
දිගුවකි භාවිත වන අවස්ථාවක් ලෙස,
“ඒ කිඳුරංගනා තොම රජහු නිරපේක්ෂ ව පලා ගිය නියාව
දැන පර්වතයෙන් බැස මහ බෝසත්හු සිප ගෙන ඔසවා පර්වත මුදුනේ ලා බෝධිසත්වයන්ගේ ඉස
තමාගේ ඇකයෙහි තබා ගෙන අඬන්නී ‘මාගේ ප්‍රිය වූ ස්වාමි පුත්‍රයාණෙනි,
පෙර
නුඹ හා මා මහා පර්වත ගුහා ආදියෙහි සිත් සේ ඔවුනොවුන් හා සනහමින් කෙළ ඇවිද දැන් නුඹ
කෙරෙන් වියෝ වූ මම කුමක් කියා ළය සනහම් ද තවද හිමියනි, පුෂ්ප ඵල පල්ලවයෙන් අලංකෘත වූ
වන ලැහැබුන් හා පෙර අප හැම කෙළ ඇවිද සමන් ලිය මඩුලු හා බලන්නෙමි තොප නො දැක අපි
කෙසේ නම් ඉවසිය හෙම්ද.............”
7) කෙටි වැකි භාවිතය
චන්ද කින්නර ජාතකයේ මෙම ලක්ෂණය පෙන්වන අවස්ථාවක් ලෙස,
“මේ සෝක දුක් දුක මාගේ ම ජීවිතය අපේක්ෂාවෙන්
නොවේ.”
“එබැවින් මමතිගේ ක්‍රීඩා විනෝදය එහි නොයමි.”
කතාවක නාට්‍යෝචිත බව හා නිරවුල්ව ගලායාමේ ස්වභාවය ඇති කිරීමෙහිලා කෙටි වැකිවලින් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ජාතක කතාකරුවා අවස්ථානෝචිත ලෙස මේ කෙටි වැකි භාවිත කර ඇත.
8) චරිත නිරූපණය
·
සාහිත්‍ය
කෘතියක් සාර්ථක
කෘතියක් වීමෙහි
ලා හොඳ
චරිත නිරූපණයක්
තිබීම අනිවාර්යය
වේ. ජාතක පොතේ දී ඒ ඒ පුද්ගලයන්ගේ චරිත
ඉතා දක්ෂ ලෙස නිරූපණය කර ඇත.
“කිමෙක් දෝ හෝ මෙලෝ රක්නාහු ලෝකපාල දෙවියෝ නැත් ම දෝ හෝ නැත. අනෙක් සක්වල දෙවියෝ වෙසෙත් දෝ නොහොත් මළාහූ දෝ හෝ යී හඩා නැවත ඉදින් දෙවි කෙනෙක් මෙළොව ඇත්නම් මහිමි හට මේ පැමිණි දුක නොබලා හරිද් දැ’යි දෙවියන්ට උජ්ඣායනා කොට හැඬූහ.”
සර්වකාලීන මනුෂ්‍ය චින්තනය ,මනුෂ්‍ය ගති පැවතුම් මනාව නිරූපණය කරන ජාතක කතා පොතේ කවර අන්දමේ චරිතයක් වුවද සොයාගත හැකියි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ කථා චරිත හඳුන්වනු ලබන්නේ චරිත විවිධ දුටුවන්ගේ කතා නමිනි.
"සාමාන්‍යයෙන් සුචරිතය හුවාදැක්වීම දුෂ්චරිතයට නිගා
කිරීමක් දක්නට ලැබෙන නමුත් ජාතක චරිත ප්‍රායෝගික ජීවිත හා බැඳුණු ඒවා වේ. දුෂ්ටකම්
හා කුහකකම් පමණක් නොව ඇතැම්විට ගුණද විදහා දැක්වීම සදහා ජාතක කතාවලට වස්තු විෂය
වනුයේ පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරුය." යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ
මහතා පවසයි.
තමාගේ ස්වාමියා වියෝ වී අසරණ තත්ත්වයකට පත් වූ ස්ත්‍රියක ගේ චරිත
ස්වභාවය මනාව නිරූපණය කර ඇත.
9) අවස්ථා නිරූපණය
කතුවරයා චිත්‍ර ශිල්පියකු
මෙන් පාඨක සිත චිත්‍රණය කළ යුතුය. චන්ද කින්නර ජාතකය එවැනි අවස්ථා
නිරූපණය මතුවන අවස්ථාවක් මෙසේ දැක්විය හැකිය.
“අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනක ලා මේ සා
දුක්ඛයක් නිපදවන ලද පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා උදෙසා
මැරීනම් මාගේ ස්වාමි පුත්‍රයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවායි මට පැමිණී මේ ශෝකය
තගේ අඹුදරුවන්ට ද වේවයි තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති නොම තා ද තම දරුවන් ද
නොදැක නිරා වදිව යි ඇවිලී අව අවා අඩන්නට පටන් ගත්හ.”
10)බෝධිසත්ව හා දේවදත්ත චරිතය මනාව විද්‍යාමාන
කරයි.
චන්ද කින්නර ජාතකය තුළ සඳකිඳුරා බෝධිසත්වයන් ලෙස ද ඇත. බරණැස් රජ්ජුරුවෝ දේවදත්ත ලෙස ද හඳුන්වා දිය හැකිය. ජාතක කතා තුළ දුශ්චරිතය මනා ව පැහැදිලි ව වෙන් කොට දක්වා තිබේ. ජාතික වස්තූන් අතර බහුල ජීවිතයේ සුබ පක්ෂය වඩා අසුබ පක්ෂය දැක්වෙන කථා වස්තුය. මනුෂ්‍ය ජීවිතයෙහි ලෝකයෙහි තතු ඇති සැටියෙන් ම නිරූපණය කිරීම මුඛ්‍ය අදහස කොටගෙන පහළ කරන නො දැ යි කිව යුතු කතා නවීන බටහිර උසස් නවකතාකාරයන්ගේ කතා වලට ද වස්තු විෂයට හොඳටම සමානය.
11)චිත්ත රූප මැවීම ජාතකකතාකරුවා සජීවී
පැවැති නාට්‍යමය ගුණය ද මුසු කරමින් චිත්තරූප පාඨකයාට දැනවීමට උත්සාහ කර ඇත.
බරණැස් රජ්ජුරුවෝ ඒ ගායනා ශබ්දය අසා පිස්සන් නොඇසෙන සේ සෙමෙන් සෙමෙන් අවුදින් ලියකිඳුරාණාන් උන් නියාව ද නටමින් සිට කිඳුරංගනාවන් දැක පිළිබඳ වූ සිත් ඇතිව මේ කිඳුරා විද දිවි තොර කොට මෑ හා සමග වාසය කෙළෙමි නම් යහපතැයි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. ඒ ශර ප්‍රහාරයෙන් වෑහෙන්නා ලේ දියෙන් මහත් වේදනාවෙන් මඩිනා ලදුව හඩන්නේය. ..
සිංහල පන්සිය පනස් ජාතක පොත පිළිබඳ ව විද්වතුන්ගේ මත මෙසේ ඉදිරිපත්
කිරීම තුළින් ජාතක කතාවේ විශේෂතා පිළිබඳ තව තවත් අවබෝධයක් ලබාගත හැකිය.
දහම් දෙසන භික්ෂූන් වහන්සේගෙන් හැර අනෙක් උගතුන්ගෙන් මෙකල වැඩි සැලකිල්ලක් නො ලබන සිංහල ජාතක කතා සිංහල සාහිත්‍යයෙහි ශ්‍රේෂ්ඨ ගද්‍යයයි. දේශජ භාෂා රීතිය, අලංකාර නැමැති නිසරු බමුණු වදනින් දූෂණය නොකරන ලද කථා වස්තු පරණ වීමෙන් කිසිකලෙක අභාවයට නොයන මනාව චරිතාංග යන මෙතෙක් තැනක් ගන්නා ජාතක පොත.......(මාර්ටින් වික්‍රමසිංහ - ජාතක කතා විමසුම)
උපහාසය, උපදේශය, චරිත නිරූපණය, ජීවිත විවරණය, චිත්ත චෛතසික විග්‍රහය ආදී විවිධ පරමාර්ථයෙන් අනූන රචිත කතා වස්තු පන්සිය පනස් ජාතක පොතෙහි ඇත්තේ ය. මේ හැම අංශයකටම අයත් උසස් කලාත්මක ලක්ෂණ ප්‍රකට කෙරෙන කතා බොහෝමයකි. එමෙන් ම කලාත්මක බවින් තොර ඉතා දුබල තත්ත්වයේ ජාතක කතා ද ඇත්තේය. (හොරණ වජිරඤාණ හිමි - සිංහල තමා සංග්‍රහය)
ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...